Colombo Today Local News

මාස 06ක් ඇතුලත ආණ්ඩුව පෙරලා දමනවා ආණ්ඩුවට එක්වීමට හිතන්නවත් එපා.. අපි යලි ආණ්ඩු කරනවා

ඉදිරි මාස හයක කාලයකට පෙර වත්මන් ආණ්ඩුව පෙරළා දමන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කර ඇත.

කිසිසේත්ම තවත් මාස 6 කින් ඉදිරියට මේ ආණ්ඩුවට ආණ්ඩු කිරීමට ඉඩ නොදෙන බවද ඔහු පවසා තිබේ.

මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා සමඟයි.

පාර්ලිමේන්තු ලොබියේදී තුලදී සේනාරත්න මහතා සඳහන් කර ඇත්තේ ආණ්ඩුව මාස හයක් ඇතුළත පෙරලා දමන නිසා ආණ්ඩුවට එක්වීමට හිතන්නවත් එපා යනුවෙනි.

නසීර් අහමඩ් මහතා ආණ්ඩුව සමඟ එක්වන්නේ යයි පැතිරී ඇති වාර්තා හේතුවෙන් ඔහු නවත්වා ගැනීම සඳහා රාජිත සේනාරත්න මහතා මෙම උත්සාහය දරා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේය.

-lanka c news

Related posts

ගොඩනැගිල්ලක 10වන මහලේ කවුළුවකින් ඇදවැටී තරුණයෙකු මරුට

colombotoday

උලමා සභාවේ බලය ලබා ගැනීම සඳහා තබ්ලික් ජමාත් සහ ඉහ්වාන් මුස්ලිම් අතර මතවාදී ගැටුමක්

colombotoday

සා. පෙළ විභාග කල් දැමීමේ කිසිදු තීරණයක් නැහැ..

colombotoday

කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි

colombotoday

බන්ධනාගාර රැඳවියෙක් රාගම රෝහලේදී පලා යයි

Admin

ජපන් වාහන ආනයනය නවතී.. සමස්ථ වෙළදපොළ ඉන්දියානු වාහන අල්ලා ගනී

colombotoday