Colombo Today Local News

මාවනැල්ලේ බුදු පිළිමයක් කඩද්දී මුස්ලිම් තරුණයෙක් අතේ මාට්ටු… අල්ලා ගස් බැද පොලිසියට බාර දෙයි..

මාවනැල්ල ප්‍රදේශයේදී පසුගිය දා බුදු පිළිම වහන්සේ නමක් කඩා බිද දැමීම පිළිබද පුවත දැඩි ආන්දෝලනයකට ලක්විය.

එසේ බුද්ද ප්‍රථිමා විනාශ කළ පුද්ගලයෙකු අද අළුයම අල්ලා පොලිසියට බාර දිමට ප්‍රදේශවාසී තරුණයෙකු සමත්වී තිබේ.

මොහොමඩ් අස්ලාම් නම් මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ඇති දිදුරුවත්ත ප්‍රදේශයේ බුදු පිළිමයක් විනාශ කරමින් සිටියදී මෙසේ අතටම අල්ලා ගැනීමට හැකිවී ඇත.

ප්‍ර දේශවාසී තරුණයෙක් අළුයම හතරට පමණ බස් රථයකට යෑම සදහා පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය දැක ඇති අතර, මුස්ලිම් ජාතික පුද්ගලයන් දෙදෙනා සමග තනිව පොර බදා ඇති අතර, ප්‍රදේශවාසීන් පැමිණෙද්දී එක් අයෙක් පලා ගොස් ඇත.

ඉන්පසුව අල්ලාගත් පුද්ගලයා මාවනැල්ල පොලිසියට බාර දීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබේ.

Related posts

මිහින්තලේ බැංකු මංකොල්ලයක් නූලෙන් ගැස්සෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ විශාලතම ස්වර්ණාලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමා වහන්සේ කැළණියේදී සසුනට පූජා කෙරේ

colombotoday

ලිට්‍රෝ ගෑස් සමාගම අද කෝප් කමිටුව හමුවට

colombotoday

නීති තර්ක ගෙනෙයි. ජනාධිපතිවරණය ලබන වසරට කල් යයි ?

colombotoday

ගෝඨාභය ජනපතිවීමෙන් ඊළාම් සංකල්පය බිද වැටුණා – තමිල්ණාඩු ඊළාම්වාදීන් කදුළු සලති

colombotoday

“කොටි මහවිරු දිනය“ මහ ඉහළින් සමරන්න සූදානම්… යාපනේ පුරා පොස්ටර් !

colombotoday