Colombo Today Local News

මාලක සිල්වාට ඇප

අත්අඩංගුවට ගනු ලැබු හිටපු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මහතා ඇප මත නිදහස් කර තිබේ.

ඊයේ (11)දින මාලක සිල්වා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනි.

තලංගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබා ගැනීමට තැත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජුලි මස 16 වන දා තලංගම පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඊයේ (11)දින රාත්‍රී 8.40ට පමණ සැකකරු අත්අඩංගුවට ගැනුණි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (12)දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ඇප මත නිදහස් කර තිබේ.

Related posts

මාතර නගරයේ වෙඩි තැබීමක්

colombotoday

තෙල් බවුසරයක් කරනම් ගහයි

colombotoday

මිහින්තලේ බැංකු මංකොල්ලයක් නූලෙන් ගැස්සෙයි

colombotoday

ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ජෝන් සෙනවිරත්න රජයෙන් ඉල්ලයි

colombotoday

මැකෝ වෙනුවෙන් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය උසාවි එයි

colombotoday

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin