Colombo Today Local News

මහින්ද අගමැති ලෙස පිලිගනිමින් කතානායකගෙන් නිවේදනයක්…

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පිලිගනිමින් පාර්ලිමේන්තුවේ ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවට කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති මෛත‍්‍රී පාල සිරිසේන මහතාට සහතික වෙයි.

මේ බව සදහන් කරමින් කතානායක මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

ඊයේ (2018.10.31) පස්වරුවේ ගරු ජනාධිපතිතුමා සහ ගරු කථානායකතුමන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු වූහ.

මෙහිදී පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමේ අවශ්‍යතාවය පිළිබඳව ගරු කථානායකතුමන් කරන ලද දීර්ඝ කරුණු පැහැදිලි කිරීම කෙරෙහි ගරු ජනාධිපතිතුමන්ගෙන් යහපත් ප්‍රතිචාර පළවූ අතර, හැකි ඉක්මනින් ස්වකීය අවසන් තීරණය දැනුම්දෙන බව එතුමන් සඳහන් කරන ලදී.

මේ අතර, පාර්ලිමේන්තුව තුළ නව අග්‍රාමාත්‍යවරයාට හිමි පහසුකම් සැලසීම පිළිබඳව ගරු ජනාධිපතිතුමන් විසින් කථානායකතුමන්ගේ අවධානය යොමු කරන ලදී.

මෙම කරු‍ණ අරභයා අනිකුත් රාජ්‍ය නිලධාරින් ‍ මෙන්ම පාර්ලිමේන්තුවේ නිලධාරීන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කරමින් ගරු ජනාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය කෙරෙහි අවධානය යොමු කොට, ඊට අනුව කටයුතු කරනු ඇති බව පැවසූ කථානායකවරයා පාර්ලිමේන්තුවේ නිලධාරීන් අග්‍රාමාත්‍ය ධූරයට හිමි පහසුකම් සැලසීමේදී ගැසට් නිවේදනය අනුගමනය කරමින් ස්වකීය රාජකාරි වපසරිය තුළ සිදු කරනු ලබන රාජකාරි කටයුතු සඳහා බලපෑම් කිරීමක් සිය පාර්ශවයෙන් සිදු නොවනු ඇති බව අවධාරණය කරන ලදී.

– කථානායක මාධ්‍ය අංශය

Related posts

ඇමති මුස්තාපා සුනඛ ඝාතක පනතක් ගෙනෙයි.. බුදු පහස ලත් බිමේ ඝාතන සංස්කෘතිය නීතිගත කරන්න යයි !!

colombotoday

උතුරේ බලය ජනපති යටතට ගත යුතු බවට විග්නේෂ්වරන්ගෙන් යෝජනා

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නත් පුළුවන්… ආණ්ඩුව තීරණය කරන බලවේගය අපියි – ආණ්ඩුවේ රෙදි ගලවා දමමින් සුමන්තිරන් කියයි.

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න පොලීසිය කල ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ජනපති අල්ලස් කොමිසම පත් කරයි

Admin

පොල් ගෙඩි තුළ සඟවා තිබූ හෙරොයින්

colombotoday