Colombo Today Local News

මහමග කොවිඩ් මරණ සිදුවන බවට අසත්‍ය ප්‍රචාරය සිදු කළ තවත් අයෙක් අත්අඩංගුවට

කොවිඩ් මරණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙකු මහනුවර හන්තාන ප්‍රදේශයේ දී අත්අඩංගුවටගෙන තිබේ.

අදාළ පුද්ගලයා විසින් මහමග කොවිඩ් මරණ සිදුවන බවට හා සෞඛ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 28 හැවිරිදි මහනුවර හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර ඔහු අද (16)දින මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොවිඩ් මරණ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැරි තවත් පුද්ගලයෙකු පසුගිය දා කඩුගන්නාව ප්‍රදේශයේදී ද අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

Related posts

පොදු සතුරා කවුද? තනිව ගියොත් වෙන්නෙ මොනවාද? මහින්ද හෙළි කරයි

colombotoday

පොල්ගස් – කැපීම තහනම් ගස් ලයිස්තුවට

colombotoday

යාපනය පුස්තකාලය ගිනි තැබීම ගැන අගමැති සමාව ඉල්ලයි

colombotoday

ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි

Admin

වයින් ස්ටෝර්ස් හා බීර වර්ග අලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර..

colombotoday

C4 වර්ගයේ පුපුරන ද්‍රවය කිලෝ එකක් වැල්ලවත්තේදී අත්අඩංගුවට

colombotoday