Colombo Today Local News

මහනුවර ,ගලගෙදර ගම්මානයකට සංචරණ සීමා පනවයි

මහනුවර ,ගලගෙදර පොලිස් වසමේ පොහොලියද්ද ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ගලගෙදර පොලීසියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ ගලගෙදර ප්‍රදේශයට ඇතුල් වන ස්ථාන දෙකකට පොලිස් මාර්ග බාධක යොදා එම ප්‍රදේශයට ඇතුල් වීම සීමා කොට ඇති බවයි.

එම ප්‍රදේශයේ ජීවත්වෙන පුද්ගලයන්ට තම අනන්‍යතාවය තහවුරු කිරීමෙන් අනතුරුව ගලගෙදර , පොහොලියද්ද ප්‍රදේශයට ඇතුළු වීමට අවසර දෙන බවත් පිටස්තර පුද්ගලයන් කිසිවෙකුටත් එම ප්‍රදේශයට ඇතුළු වීමට ඉඩ නොදෙන බවත් ඔවුන් සඳහන් කර සිටියා.

Related posts

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හෙට දිවයිනට

colombotoday

අණ නොතකා ගිය ටිපර් රථයකට වෙඩි

colombotoday

රේගු ආඥා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

එනසාල් කිලෝව රු. 13000 යි

colombotoday

ලංකාවේ පුනර්ජනනීය බලශක්ති වැඩසටහනට එක්සත් ජනපද නියෝජිතායතනයෙන් ඩොලර් මිලයන 19ක්

colombotoday

මැතිවරණයට මුදල් ඉල්ලූ ලිපිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කරයි

Admin