Colombo Today Local News

මහනුවර, අකුරණ, මඩවල, දිගන මුස්ලිම් පල්ලි පරීක්ෂා කිරීමට කිරිඇල්ලගෙන්, හලීම්ගෙන් දැඩි බාධා….

ත්‍රස්ත ප්‍රහාරයත් සමග දිවයින පුරා සෝදිසි මෙහෙයුම් දියත් වුවද ඒවා පිලිබද සෑහීමට පත්විය නොහැකි බව ත්‍රස්ත විරෝධි ජාතික එකමුතුව පවසයි.

එහි මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් කියා සිටියේ, බොහෝ දේශපාලකයන්ගේ බලපෑම් නිසා බොහෝ ප්‍රදේශවල මුස්ලිම් පල්ලි පරික්ෂා කිරීම සිදුව නොමැති බවයි.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ සහ අමාත්‍ය අබ්දුල් හලීම්ගේ බලපෑම මත අකුරණ, මැණික්හින්න, මඩවල, දිගන ප්‍රදේශවල මුස්ලිම් දේවස්ථාන හා මුස්ලිම් ගම්මාන පරික්ෂා කිරීමට ආරක්ෂක අංශවලට ඉඩ ලබා දී නැති බවට ඉතා විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බවද එහිමියන් සදහන් කර සිටියේ ය.

මේ අතර දිවයින පුරා හසු වූ කඩු කිණිසි ආදී ආයුද සම්බන්ධයෙන් ‘තහනම් පිහි ආඥා පනත‘ යටතේ සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන බවත්, ඒ අනුව එම සැකකරුව් සුළු දඩයක් ගෙවා නිදහස් වීමේ හැකියාවක් පවතින බවද උන්වහන්සේ කියා සිටියේ ය.

https://www.facebook.com/fortune2020/videos/2382174445346123/?t=108

Related posts

මහපාරේ කැපුම් තුවාල සහිත තරුණයෙකුගේ මළ සිරුරක්

colombotoday

මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන්නේ මානසික රෝගීන්

colombotoday

දුම්කොළ අඩංගු බුලත්විට විකිණීම අද සිට තහනම්.. අහුවුණොත් නඩු !

colombotoday

මහ රහස් තොගයක් එළියට.. ඇමති මලික් සමරවික්‍රමත් බැදුම්කර කොමිසමට !

colombotoday

ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසියි

Admin

මගේ හිතෙත් අන්තවාදීන්ට ඉඩ නෑ, අන්තවාදී “තව්හීද් ජමාත්” ලොක්කාට මරික්කාර්ගෙත් විරෝධය (Voice)

colombotoday