Colombo Today Local News

මසක් තුළ කළ වැටලීම්වල දී විවිධ වර්ගයේ ගිනි අවි 176ක් සොයාගනී

දිවයිනේ පොලිස් ස්ථාන රැසක අපරාධ නිවාරණය සම්බන්ධව සිදු කරන ලද වැටලීම්වල දී විවිධ වර්ගයේ ගිනි අවි 176ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

2020.06.06 වන දින සිට 2020.07.08 වන දින දක්වා මෙම වැටලීම් සිදු කර තිබේ.

ඒ අනුව ටී 56 ගිනි අවි 11ක්, ටී 81 ගිනි අවියක්, බෝර 12 ගිනි අවි 42ක්, පිස්තෝල 4ක්, ගල්කටස් 29ක්, රීපිටර් 74ක් හා වෙනත් ගිනි අවි 15ක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් ගණන 89ක්.

හෙරොයින් කිලෝ 10යි ග්‍රෑම් 750ක් සමග සැකකරුවන් 8087 ක් ද, ගංජා කිලෝ 608 ක් සමග සැකකරුවන් 6006ක් හා අයිස් කිලෝ 3යි ග්‍රෑම් 390ක් සමග සැකකරුවන් 515ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 367ක් හා ඩෙටනේටර් 23ක්, අත්බෝම්බ 21ක් ළඟ තබා ගත් සැකකරුවන් 11ක් ද අත්අඩංගුවට පත්ව ඇත.

ඒ අනුව සැකකරුවන් 12,186ක් සඳහා වරෙන්තු නිකුත් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.

වෙනත් වැරදි සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 23,446 කි.

Related posts

කඩඉම් ලකුණු වලට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි

colombotoday

පාස්කු ප්‍රහාරය රාජපක්‍ෂලාගේ වැඩක් මම එය ඔප්පු කිරීමට සූදානම්- හරීන්

colombotoday

විදුලි බිල ඉහළ නැංවීමේ යෝජනාව පිළිගන්නේ නැහැ…- මහජන උපයෝගීතා කොමිසම කැබිනට්ටුවට දන්වයි

Admin

පාස්කු ප්‍රහාරය : කැබිනට් අනුකමිටු වාර්තාව ලබන 15 වැනි දා ජනපතිට

colombotoday

‘හරක් කටාගේ’ ගෝලයෙක් කොටවිලදී අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාව ණය පැහැරහරින්න රුසියා – ‘ෆිච්’ආයතනයෙන් අනතුරු අඟවීමක්

colombotoday