Colombo Today Local News

මර්වින් ජනාගේ මුදල් හැසිරවූ නුවන් ලක්ෂිත ගල්කිස්සේදී අත්අඩංගුවට

බන්ධනාගාර ගතව සිටින “මර්වින් ජනා” නැමති මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය.

රුපියල් මිලියන 43කට අධික මුදල් ප්‍රමාණයක් එම සැකකරුට අයත් බැංකු ගිණුමෙන් සංසරණය වි ඇති බවට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි නුවන් ලක්ෂිත නම් 37 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද (09)දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දීමක්

colombotoday

දරුවාගේ පාසලට යමින් සිටි කාන්තාවකට වන අලි ප්‍රහාරයක්.

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවයි

colombotoday

නෙදුන්කේනි රක්‍ෂිතයේ තිබියදී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගනී

colombotoday

හලාවත-කොළඹ බස් රථ සේවකයින් වර්ජනයක.

colombotoday

අපරික්ෂාකාරී රිය ධාවනය මගින් අනතුරක් සිදු කිරීම. – උමාරියාට ඇප. රියදුරු බලපත්‍රය අධිකරණය භාරයට

colombotoday