Colombo Today Local News

මධූෂ් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකැයි ශ්‍රී ලංකා රජයෙන් ඩුබායි පොලිසියට දන්වා නැහැ… ඉන්ටර්පෝල් ලයිස්තුවෙන් නම් අතුරුදන්…

මාකඳුරේ මධුෂ් ඇතුළු කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ශී‍්‍ර ලංකාවේ පොලිසියට අවශ්‍ය අය බව මෙරට පොලිසිය ඩුබායි පොලිසියට හෝ එරට ජාත්‍යන්තර පොලිස් ශාඛාවට දැනුම් දී නැත.
 
 මොවුන් ගැන කිසිදු වාර්තාවක් එරට පොලිසියේ නැතැයි ඩුබායි ආරංචි මාර්ග හෙළි කළේය.
 
 මෙයට වසර කීපයකට පෙර මෙම පිරිස ඩුබායිහි සිටින බවට මෙරටට වාර්තා වුවත් ශී‍්‍ර ලංකා පොලිසිය නිහඬව සිටි බව එම ආරංචි මාර්ග පළ කළේය.
 
 මේ හැර 2018 අපේ‍්‍රල් මස මෙරටට අවශ්‍ය රතු වරෙන්තුකරුවන් 121 කගේ නම් ඉන්ටර්පෝල් නාම ලේඛනයෙන් අහෝසි වී තිබූ අතර ඒ ගැන රජය කිසිදු ප‍්‍රකාශයක් කර නැත.
 
 මෙයට අමතරව කොටි ත‍්‍රස්තවාදීන්ගේ නාම ලේඛනය ද ඉන්ටර්පෝල් පොලිස් මූලස්ථානයෙන් අහෝසි වී තිබේ.

දිවයින

Related posts

රජයේ ණය ගැනීමේ සීමාව රු. බි. 400කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 24 ක් වතුර නැහැ..

colombotoday

බඩ ඉරිඟු ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කරයි

colombotoday

TNL රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවයි..!

colombotoday

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනයට අවසර

colombotoday

රෝගියෙකුට ඖෂධ රැගෙන යන බව පවසා ජාවාරම්කාරියකට හෙරොයින් රැගෙන ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday