Colombo Today Local News

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 354 දෙනෙකු අත්අඩංගුවේ

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම්වල දී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 354 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(06)දින පෙරවරු 6.00 සිට අද අලුයම 5.00 දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදුකර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

මෙහිදි හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 128 දෙනෙකු, ගංජා ළඟ තබාගත් පුද්ගලයින් 55 දෙනෙකු, නීති විරෝධී මත්පැන් ළඟ තබාගත් පුද්ගලයින් 124 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව ගෝඩා ළඟ තබාගත් පුද්ගලයින් 12 දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 11 දෙනෙකු සහ මත්පෙති ඇතුළු වෙනත් මත්ද්‍රව්‍යය ළඟ තබාගත් පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ අතර හෙරොයින් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අනුරාධපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍යය ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

එහිදි ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 530ක තොගයක් සොයා ගෙන තිබේ.

Related posts

ආණ්ඩුව ගෝඨාට බය වෙලා

colombotoday

“පරණ දේශපාලනය ගේන්න මම ඉඩදෙන්නේ නැහැ.” – ජනපති කියයි

Admin

කැලණියේදී අන්තරේට ප්‍රහාරයක්

colombotoday

පොලිස්,රාජ්‍ය,මානව හිමිකම් කොමිෂන් සභා පත්කෙරේ

colombotoday

“ඥාණසාර හිමියන් දුටුතැන සිවුර ගලවනවා” කී අජිත් ප්‍රසන්නට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

දයාසිරි රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday