Colombo Today Local News

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක්

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ  අවධානය යොමු වෙයි.

ඒ පිළිබඳ තමා ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය පාලනය හා අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත් පිළිබඳ ඊයේ (01දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

මත්ද්‍රව්‍ය අපරාධවලට අදාළ නඩු විභාග වීමට දීර්ඝකාලයක් ගතවීම, මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් කි‍්‍රයාවට නංවා ඇති වැඩපිළිවෙළට මහත් බාධාවක් වී ඇති මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිතුමා එම තත්ත්වය වහා නිවැරදි විය යුතු බව ද අවධාරණය කළේය.

දැනට තිබෙන මහාධිකරණ සංකීර්ණයේම එම නව අධිකරණය ස්ථාපිත කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

Related posts

“ඉන්දන නොමැති බවට පළවෙන ප්‍රචාර අසත්‍යක්”

colombotoday

නෙත් පුවත් වෙබ් අඩවි වෙත පිවිසීම SLT සහ මොබිටෙල් අවහිර කරලා

colombotoday

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්

colombotoday

ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 40ක් හදුනා ගනී

colombotoday

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday