Colombo Today Local News

මත්තල ගුවන්තොටුපළ ගබඩාවේ අදින් පසු වී නෑ

mattalaමත්තල ගුවන් තොටුපොල ගබඩා අංගනයේ ගබඩා කර ඇති වී තොග අද (14) ඉවත් කරගන්නා බව ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යාංශය පවසයි. එහි ගබඩා කර තිබෙන වී තොග මෙට්‍රික් ටොන් හාරදහස් පනස් හතරක් මෙසේ ඉවත් කරගන්නා බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

මේ අතර වී ගබඩාවක් පවත්වා ගෙන යාම වෙනුවෙන් මත්තල ගුවන් තොටුපොලට අයවිය යුතු කුළිය වී අලෙවි මණ්ඩලය විසින් තවමත් ගෙවා නැතැයි ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

මෙලෙස වි ගබඩාවක් පවත්වාගෙන යාම නිසා මත්තල ගුවන් තොටුපොලේ ඇතැම් උපකරණවලට හානිද සිදුව තිබෙන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියාසිටියේ.

වී ගබඩා කිරිම නිසා මත්තල ගුවන් තොටුපොලට හිමි ජාත්‍යන්තර පිළිගැනීම අහිමි වන බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණා.

Related posts

ගම්පහ ආසාදිතය‍ෝ 185ක් දින ගණන් ගෙවල් වල

colombotoday

වෘත්තීයවේදීන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ගැන අනතුරු අඟවයි

Admin

සමාජ ජාල කැළඹූ ‘සිංහරාජ පාර’ බලන්න ජනපති යයි

colombotoday

දෙමළ ජනතාවට අනුර තර්ජනය කරලා

Admin

බතලගොඩ වී පර්යේෂණ ආයතනය දෙදිනක් ජනතාවට විවෘත වෙයි

Admin

එජාප නායකත්වය සමග මටත් ප්‍රශ්නයක් තියනවා – එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර

colombotoday