Colombo Today Local News

“මට වයස 80 පැනලා..පඩි නගින්න බෑ..මගේ ගෙදර ගන්න එපා..”- සම්බන්ධන් ආණ්ඩුවෙන් බැගෑපත්වෙයි

තමන්ට වයස 80ත් පසුකර ඇති නිසා මාදිවෙල මන්ත්‍රී නිවාසවල පඩිපෙළ නැගීමට නොහැකි බව හිටපු විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතාඊයේ (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඔහු ඉල්ලා සිටියේ එනිසා තමන්ට ලබා දුන් නිවස යළි පවරා නොගන්නා ලෙසයි.

“මම 2015 සැප්තැම්බර් මාසයේදී මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත්වුණා. මට ඒ සඳහා නිවසක් ලැබුණේ 2017 වසරේදී ඊට පෙර කුලියට නිවසක් අරන් ඉන්න කියලා හිටපු ජනාධිපතිතුමත් අගමැතිතුමත් කිව්වා. නමුත් මා අනවශ්‍ය වියදමක් දැරීමට සිදුවන නිසා ඊට කැමති වුණේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් වසර 20 ක් මා සිටියේ මාදිවල මන්ත්‍රී නිවාස වල ඒකේ පඩි 60 ක් 70 ක් නගින් ඕන. දැන් මගේ වයස අවුරුදු 80 ට වැඩියි.

වත්මන් කතානායකතුමාත් හිටපු අගමැතිතුමාත් මට ඒ අයගේ කැමැත්තෙන්ම මට ආරක්ෂාව සහ අනෙකුත් කටයුතු සඳහා සේවකයින් ලබාදී තිබෙනවා විපක්ෂ නායක වශයෙන් මට ලැබුණ කාර් එක මම ධාවනය කරලා තිබුණේ කීලෝ මීටර් 2082 යි.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරයට පත්වුණාට පසුව මම වහාම ඒ රථය විපක්ෂ නායක කාර්යාලයට බාරදුන්නා. තවදුරටත් මට පෙර මෙන් පඩි 80 ක් නගින්න කියන්න එපා මගේ වයස අවුරුදු 80ට වැඩි.” යනුවෙන් ඔහු සඳහන් කළා.

සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී සඳහන් කළේ

“ඔබතුමාට අප ගෞරව කරනවා. ඔබතුමාට දැනට ලබාදී තිබෙන කිසිම දෙයක් ඉවත් කරන්නේ හෝ නැවත ලබා ගන්නේ නෑ. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඔබතුමාට අවශ්‍ය සියලු පහසුකම් සලසන ලෙස අප වෙත උපදෙස් දී තිබෙනවා..” යනුවෙනුයි.

Related posts

පුරවැසි චෝදනා සුස්සක් වෙයි… ගෝඨාභය යුවලම මෙරට පුරවැසියන් ලෙස ඡන්දය ප්‍රකාශ කරයි !

colombotoday

වියළි කාලගුණයෙන් වූ වගා හානි ගණනයට ගුවන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනී

Admin

අශ්වයින් පත්කරන්න බූරුවන්ට නාමයෝජනා දීලා වැඩක් නෑ….

colombotoday

රවීගේ ඇමති ආරක්ෂකයෝ පාසල් ආරක්ෂාවට යවනවලු

colombotoday

මධූෂ් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකැයි ශ්‍රී ලංකා රජයෙන් ඩුබායි පොලිසියට දන්වා නැහැ… ඉන්ටර්පෝල් ලයිස්තුවෙන් නම් අතුරුදන්…

colombotoday

අපේ කතිර පොජ්ජෙන් සජිත් හුරා මන්දු කරන්නවා – වැද්දෝ 5ක් ගෙන්වා එජාපයෙන් මාධ්‍ය හමුවක්

colombotoday