Colombo Today Local NewsCovid 19

මගී ගුවන් යානා සඳහා ලංකාවට ඇතුල්වීමේ තහනම දිගටම

සියලුම මගී ගුවන් යානා වෙත, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම අප්‍රියෙල් මස 07 දා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

ගුවන් ගමන් තහනම මාර්තු මස 31 දා අවසන් වීමට නියමිතව තිබුණි.  වර්තමාන තත්වය සැලකිල්ලට ගනිමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරණයට එළඹී තිබේ.

 එහෙත් වෙනත් රටවල් කරා පිටත්ව   යෑමේ අදහසින් ගුවන් තොටුපළ වෙත සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා වලටත් , හදිසි අවශ්‍යතා මත (Emergency Landing) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත්, කාර්මික දෝශ නිසා ( Technical Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත්, ආහාර සහ ඉන්ධන ලබා ගැනීම සදහා ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා වලටත් තවදුරටත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතව පවතී

Related posts

අක්කරයට වැඩි වගා ඉඩම් ඇති ගොවීන්ට ගිනි අවි බලපත්‍ර

colombotoday

පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් පෙරළී ළමුන් 9ක් රෝහලේ…

Admin

ලෝක ඒඩ්ස් දිනය අදයි

colombotoday

ජනාධිපතිගේ සහ අගමැතිගේ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩ

colombotoday

“බහිරවයෙක් වෙලා හරි ජාතික උරුමය රකිනවා“ – ඇමති අකිල කියයි

colombotoday

සහරාන්ගේ ෆේස්බුක් මිතුරන්ගේ තමිල්නාඩු රහස් නිවාස 7ක් වටලයි

colombotoday