Colombo Today Local News

මංගල ඉවතට – මාධ්‍ය ඇමතිකම රුවන්ට !

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා නම් කිරීමට තීන්දු කර ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධ නිර්දේශය අද (05) පස්වරුවේ දී පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතව ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ආණ්ඩුවේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය හරහා නිසි ප්‍රචාරයක් නොලැබෙන බවට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා එල්ල වී ඇති අතර පසුගිය සතියේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කතාබහට ලක්ව ඇත.

අනතුරුව අගමැතිවරයා හමුව ඇති අමාත්‍ය මංගල සමරවීර මහතා, මාධ්‍ය අමාත්‍ය ධුරය තමා ඉල්ලා සිටි තනතුරක් නොවන බවත් එම ඇමති ධුරය වෙනත් අයකුට පැවරීම සම්බන්ධයෙන් තමාගේ විරෝධයක් නොමැති බවත් ප්‍රකාශ කර ඇත.

රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය රාජ්‍ය ඇමතිවරයා ලෙස නිර්දේශ කිරීමට අගමැතිවරයා තීරණය කර ඇත්තේ ඒ අනුවය.

(NEWSLINE)

Related posts

මාස පහයි.. තවම සාධාරණයක් නෑ.. සාලවේ වැසියෝ කොළඹ වටලති

colombotoday

තවත් දුර්ලභ අලි නිවුන් උපතක්

colombotoday

කථානායක හරීන්ගේ වෙලාව රොෂාන්ට දෙයි

Admin

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

පාපකර්මයක් පල දුන්නා.. හොදම මුදල් ඇමති වූ මට අවස්ථාවාදීන් ඊර්ෂ්‍යා කලා

colombotoday

ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Admin