World

භූතානයේ සිසුන් පිරිසක් රැගෙන යෑමට විශේෂ ගුවන් යානයක් කටුනායකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි භූතාන ජාතික සිසුන් 86 දෙනෙකු රැගෙන යෑම සදහා එරට සිට විශේෂ ගුවන් යානයක් අද(30) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.

භූතානයේ බෙල්විව් ගුවන් සේවයට අයත් බී – 3722 දරන මෙම ගුවන් යානය අද දහවල් 11.20 ට භූතානයේ පාරෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ  වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය එයා බස් වර්ගයට අයත් ඒ.- 319 වර්ගයේ ගුවන් යානයකි .

මෙම ගුවන් යානය , එම සිසුන් පිරිස ද  රැගෙන යළිත් අද දින දහවල් 12.30 ට භූතානයේ පාරෝ ගුවන් තොටුපළ බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

Related posts

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායකයා මැරුම් කයි !

colombotoday

පකිස්තානයේ භූ කම්පනයකින් 20ක් මරුට

colombotoday

උතුරු කොරියාව අධි බලැති මිසයිල 17ක් එකවර අත්හදා බලයි

Admin

කොරෝනා වෛරසයෙන් බ්‍රිරිතාන්‍යයේ වැඩිම අන්තරායකාරි තත්වයක සිටින්නේ කවර කණ්ඩායමක්ද?

colombotoday

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

පිහි ඇනුමකින් 10ක් මරුට -15ක් රෝහලේ

colombotoday