Colombo Today Local News

බෙලිඅත්ත කෝච්චි පාර මහින්දගේවත්, අපේවත් අම්මගෙ තාත්තගෙ බූදලෙන් හදපු එකක් නෙවෙයි – ඇමති අර්ජුන

රටේ සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ ජනතාවගේ බදු මුදල්වලින් මිස දේශපාලනඥයින්ගේ පෞද්ගලික මුදලින් නොවන හෙයින් ඒවා තුළ දේශපාලන කටයුතු නොකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (06) බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් කළ බාධා කිරීම් පිළිබඳ අදහස් දක්වමිනි.

“මං ගණං ගන්නෙ නෑනෙ ඔව්වා. මෙහෙමයි, දේශපාලනය කරන්න හොඳ නෑ මේ සංවර්ධනය කරනකොට. මේ සංවර්ධනය මගෙ සල්ලිවලින් කරන්නෙත් නෑ, මහින්ද රාජපක්ෂ මහත්තයගෙ සල්ලිවලින් කරන්නෙත් නෑ, එයාගෙ අම්මගෙ තාත්තගෙ බූදලයක් නෙවෙයිනෙ. ජනාධිපතිතුමාගෙ මුදලින් කරන්නෙත් නෑ, අගමැතිතුමාගෙ මුදලින් කරන්නෙත් නෑ. මේවා රටේ තමුන්නාන්සෙලාගෙ බදු මුදලින් තමයි කරන්නේ. මම ආස නෑ මේවයින් දේශපාලනේ කරන්න” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේවෙතත් ප්‍රාදේශීය සභාවල හොරකම් කළ දේශපාලනඥයින් මෙවන් මැදිහත්වීම් කළත් ඊට කලබල විය යුතු නොමැති බව පැවසූ ඒ මහතා 2015ට පෙර මේ රටේ පැවති ක්‍රමවේදය නැවත රටට රිංගන්නට උත්සාහ කළත් තමන් ඊට ඉඩ නොදෙන බවත් අවධාරණය කළේය.

මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ ධාවනය කෙරුණු පළමු නිරීක්ෂණ චාරිකා දුම්රිය ඊයේ (06) පෙරවරුවේ අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ධාවනය ආරම්භ කළ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසක් ඊට බාධා කර තිබිණි.

Related posts

බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනූ මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට

Admin

ඇමරිකානු අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ හෙට දවස

colombotoday

2021 සාමාන්‍ය පෙළට අයදුම්පත්‍ර භාරගැනීම දීර්ඝ කෙරේ

colombotoday

මාවනැල්ලේ බුදු පිළිම කඩාදැමූ මුස්ලිම් පුද්ගලයෙක් අතටම අසුවූ පසු ඇමති කබීර් කියන කතාව…

colombotoday

රාජිතගේ තවත් කෙරුවාවක් එළියට ! (Video)

colombotoday