Colombo Today Local News

බූස්සසේ රැඳවියන් පිරිසක් තවමත් ආහාර වර්ජනයේ

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ ආහාර ගැනීමෙන් වැළකි සිටීමේ විරෝධතාවයෙන් රැඳවියන් අට දෙනෙකු ඉවත් වී තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (10) දින උදෑසන සිට එම රැඳවියන් ආහාර වර්ජනයේ නිරතව සිටින බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින රැඳවියන් 40 දෙනෙකුගෙන් 32 දෙනෙකු එලෙස වර්ජනයේ නිරතව සිටී.

වර්ජනයේ නිරතව සිටින රැඳවියන් අතරට “කංජිපානී ඉම්රාන්”, “පොඩි ලැසී” සහ “වෙලේ සුදා” ඇතුළු රැඳවියන් වන අතර “පොට්ට නවුෆර්”, “කැවුමා”, “ආමි සම්පත්” ඇතුළු රැඳවියන් 06 දෙනෙකු වර්ජනයට සහය දක්වා නොමැති බව වාර්තා වේ.

කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය සමයේ ඥාතීන් හමුවිමට නොහැකිවීම හේතුවෙන් ලබාදුන් දුරකථන පහසුකම ඉවත් කිරීම, රැඳවියන් හමුවට එන නීතිඥවරුන් පරික්ෂා කිරීම, විශේෂ කාර්යය බලකාය විසින් සිදුකරන පරික්ෂාවන් ඇතුළු කරුණුවලට විරෝධය පළ කිරීම ඔවුන්ගේ වර්ජනයේ අරමුණ බව වාර්තා වේ.

Related posts

ජනපති අල්ලස් කොමිසම පත් කරයි

Admin

ජිනීවා උණුසුමෙන් මැති සබේ රත් වෙයි. දිනේෂ් සෙංකෝලයත් උස්සන් දුවයි

colombotoday

කැබිනට් මණ්ඩලය විසුරුවාහැර ඇති බව නිවේදනය කරයි…

colombotoday

දක්ෂින අධිවේගයේ දරුණු අනතුරක්

Admin

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

Admin

මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

colombotoday