Colombo Today Local News

බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්න අද සිට විශේෂ මෙහෙයුම්

අලුත් අවුරුදු සමය තුළ සිදුවන රිය අනතුරු අවම කරගැනීම සඳහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අද සිට 20 වනදා දක්වා දින 10 ක කාලයක් දිවයින පුරා ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

අප්‍රේල් මාසය මාරක රිය අනතුරු බහුල වශයෙන් සිදුවන මාසයක් බවත්, ඉන් වැඩිම රිය අනතුරු සිදුවන්නේ බීමත් රියදුරන් අතින් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියාසිටියා.

එළඹෙන අවුරුදු සමයේ දී කුඩා දරුවන් වෙතින් ගිනිකෙළි භාවිතය ඉවත් කිරිම කෙරෙහි දෙමාපියන් සැලකිලිමත් විය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related posts

ගාලු පාරෙන් කොටසක් ගිලාබසී

Admin

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

“රාජිතගේ අවිනීත ප්‍රකාශය රජයේ නිළ මතයද? වහා හෙළිකරනු…“ සරසවි ආචාර්යවරු ජනපතිට දන්වයි

colombotoday

රාජ්‍ය ඇමතිනී ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

Admin

කටුනායකට ගොඩබෑ රුසියානු ගුවන් යානයකට පිටවීම තහනම්…. මගීන් 200ක් හිරවෙයි

colombotoday

උදැල්ලු පහරකින් පුද්ගලයෙක් මරුට… කාන්තාවකටත් බරපතළයි

Admin