Colombo Today Local News

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

කලුතර සිට අලුත්ගම තෙක් පොදු මගී ප්‍රවාහන බස් රථයක ගමන් කරමින් සිටි රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු නිළධාරිනියකගේ සිරුර ස්පර්ශ කිරීමේ ලිංගික හිංසනයකට සම්බන්ධ සැකකාර තරුණයකු අලුත්ගම පොලීසියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අද (30)දින කලුතර අධිකරණයට ඉදිරිපත් කල බව කියයි.

එම සිදුවීම සම්බන්ධයෙන් නිළධාරිනිය අලුත්ගම පොලීසියට කළ පැමිණිල්ල අනුව ඊයේ (29)දින සවස අලුත්ගම බස් නැවතුමේදී සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන කලුතර අධිකරණයට අද ඉදිරිපත් කර තිබේ.

සැකකාර තරුණයා කිතුල්ගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර පානදුර සංචාරක හෝටලයක සේවය කරන 24 වියේ පසු වන්නෙකු බවත් 49 හැවිරිදි නිළධාරිනිය විවාහක දෙදරු මවක බවත් පොලීසිය සදහන් කරයි.

මෙම නිලධාරිනිය ඊයේ (29) දිනයේදී රැකියා ස්ථානයෙන් රාජකාරිය නිමවා කොළඹ සිට පැමිණෙන බස් රථයකින් අලුත්ගම තෙක් ගමන් කරමින් සිටියදී පසු පස අසුනේ සිට මෙම සැකකාර තරුණයා එම නිළධාරිනියගේ ශරීරය අවස්ථා කිහිපයකදී විටින් විට ස්පර්ශ කර ඇති අතර පසුව ඇය බසයේ අසුනින් නැගිට සෙසු මගීන්ට හා කොන්දොස්තරවරයාට මේ පිලිබදව හඩනගා පවසා තිබෙන බව පොලීසියට කල පැමිණිල්ලේ සදහන් වේ.

එම අවස්ථාවේ අලුත්ගම බස් නැවතුමේ රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

ඩොලර් බිලියන 8 ක් උපන්න බදු දෙන්න යන දේපළ මෙන්න – කටුනායක, මත්තල සහ රත්මලාන ගුවන්තොටුපළවල්ද ඒ අතර

colombotoday

ඩොලරයට ඓතිහාසික අගයක්.. විකුණුම් මිල රුපියල් 161ත් පනී…

colombotoday

කොළඹ ප්‍රදර්ශනය කල වාහන බෙදා ගත්තද වෙන්දේසි කලාද?

Admin

අනුන්ගේ පොත් හොරට මුද්‍රණය කර විකුණා මාට්ටු.. සන්නස්ගලට සිතාසි

colombotoday

පොඑපෙ ගැබිණි ප්‍රා. මන්ත්‍රීනියකට පහර දුන් සමගි ජන බල වේගයේ ප්‍රා. මන්ත්‍රීනිය අත්අඩංගුවට

colombotoday

ඤාණසාර හිමිට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන 18කින් දැඩි බලපෑම් – බුද්ධ ශාසන ඇමති හෙළිකරයි

colombotoday