Colombo Today Local News

බන්ධනාගාර රැඳවියෙකු මියයයි

රෝහල්ගතව සිටි මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබේ.

උණ තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු මෙලෙස මියගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

සොරකමක් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා බන්ධනාගාරගතව සිට ඇති අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිට ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව වාර්තාවේ.

මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (25)දින සිදුකිරීමට නියමිතය.

Related posts

හෙම්මාතගම දී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී විදෙස් කතක් මරුට

Admin

පෝය දවසට කැලණිය සාන්ත පාවුළු බාලිකා විද්‍යාලය නිවාඩු නෑ…?

colombotoday

අජිත් ප්‍රසන්න වහා නිදහස් කරන්නැයි රණවිරුවෝ වීදි බසිති.

colombotoday

ලේ අවශ්‍යයි – ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්…

colombotoday

20ට එරෙහි පෙත්සම් විභාගය අද ඇරඹේ

colombotoday

දේශීය ආදායම් පනත සංශෝධනයට යෝජනා

Admin