Colombo Today Local News

බන්ධනාගාරයේ සිට මෙහෙයවන සියලූ අපරාධ වහාම නැවැත්විය යුතුයි.

පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට මෙහෙයවන සියලූ අපරාධ වහාම නතර කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවත්, එවැනි සිදුවීම් ඉදිරියේදී නොවීමට බන්ධනාගාරය තුළ ජංගම දුරකථන භාවිතය නතර කරන ලෙසත් බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ පෙරේදා (01) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

බන්ධනාගාරය හෝ පොලිසිය බිඳ වැටී ඇත්නම් රටේ නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී එය බලපාන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, කුමන දේශපාලන මතයක් දැරුවද නිලධාරියකු හරි දේ කරන්නේ නම් එය අනුමත කරන බවත්, දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් නිවැරදි තීන්දුවක් ගත යුතු බවත් පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු ඉවත් කොට සම්පූර්ණයෙන් විධිමත් කිරීම සඳහා මෙහිදී කමිටුවක් ද පත් කෙරිණි.

ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, පොලිස්පති ඇතුළු කමිටුවක ප‍්‍රධානත්වයෙන් එය සිදු කිරීමටත්, නිලධාරීන් පුහුණු කිරීම්, දිරිගැන්වීම් ඇතුළු සියලූ ක‍්‍රියාකාරකම් අධීක්ෂණ කණ්ඩායමකට යොමු කිරීමටත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඞ් යන මහත්ම මහත්මීහු සහ ත‍්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

Related posts

නායයෑමෙන් අවහිර වූ හැටන් – කොළඹ මාර්ගය යථා තත්ත්වයට

Admin

කොටින්ගේ අපරාධ ගැන කියද්දී කොටි ඩයස්පොරාව මාරාවේෂ වී ජිනීවා සැසියේ යකා නැටූ හැටි..! (Video)

colombotoday

තෙමස් ගැබිණියක් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදි ගොඩ ගැනේ

colombotoday

රෝහින්‍යා සරණාගතයින් භාරගන්න – රාජ්‍ය නොවන සංවිධානයක් රජයට බලකරයි

colombotoday

ආණ්ඩුව ගෝඨාට බය වෙලා

colombotoday

පයේ පෑගී කාන්තාවට හමු වූ නිධානය වතුරේ යයි.

colombotoday