Colombo Today Local News

බදියුදීන් සොයනවා වගේ රවී – රාජිතත් සෙවුවා.. මේව නර නාටක.. මෙහෙම ගියොත් ඊළග ඡන්දෙන් මේ ආණ්ඩුව ඉවරයි

අද රිෂාඩ් බදියුදීන් සොයන ආකාරයට මීට කලින් රවී කරුණානායක, රාජිත සේනාරත්න වැනි අය අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

මේවා නර නාටක බවත් රටේ ජනතාවට විහිළු කරන්නේදැයි ඔහු විමසීය.

ජනතාව මේවා විහිළු හැටියට ගණන් නොගන්නා බවත් ඊළඟ මැතිවරණයේදී දරුණු තීන්දුව දෙනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.

මේවා දිගින් දිගටම සිදු වුවහොත් ජනතාව එන මැතිවරණයේදී දැඩි තීන්දුවක් ගනු ඇතැයිද ගිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයට වූ දේ එන මැතිවරණයේදී මේ ආණ්ඩුවට ද විය හැකි බවද ඔහු කියා සිටියේය.

බදියුදීන් හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම ගැන මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.

Related posts

තෙල් හිගයක් නැ කිව්ව ඇමති ජොන්ස්ටනුත් පෝළිමේ

colombotoday

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙයි

colombotoday

මාලිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

colombotoday

වන්දි ලබාගන්න කඩිනමින් නඩු පවරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin

නවතා තිබූ බසය හොරාගෙන 15 හැවිරිදි පෙම්වතා පෙම්වතිය බලන්න ගිහින්

colombotoday

බිඳවැටුණු සබඳතා අලුත් කරගන්න නෝර්වේ විදේශ ඇමති එයි

colombotoday