Colombo Today Local News

බදියුදීන් ආණ්ඩුවට ආවොත් එලවනවා..- විමල් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවට එක් කර ගැනීමට තරම් මෝඩයෙකු ආණ්ඩුවේ ඇතැයි තමන් නොසිතන බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

රාජ්‍ය උත්සවවලට ඕනෑම විපක්ෂ මන්ත්‍රී වරයෙකුට පැමිණීමේ අයිතිය ඇති බවත් එහිදී සිදුවන සාකච්ඡාවන් සාමාන්‍ය සිදුවීම් බවත් ඔහු පැවසීය.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති උත්දවයකට බදියුදීන් මන්ත‍්‍රීවරයා පැමිණ සිටීම ආණ්ඩුවට එක්වීමේ පෙරහුරුවක් ලෙස දැකීම නිවැරැදි නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

‘අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා.. එකතුවෙන්න ආවොත් එලවනවා’ යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

උපන් බිමට විණ කටින, ආත්ම ගරුත්වයත් ඩොලරයට විකිණූ ‘අවජාතක පුත්‍රයන්ගේ‘ කතා වස්තුව !

colombotoday

සියක් වසක් ආයු විද දකුණේ මහ යතිරුවණක් අපවත් වෙති

colombotoday

රනිල් ගෝඨා භය

colombotoday

කෝටි 16කට අධික කුඩු සෙල්ලම් බඩු එක්ක එවලා

Admin

බන්ධනාගාර රැඳවියෙකු මියයයි

colombotoday

ආවා කල්ලියේ තවත් 2 ක් අත්අඩංගුවට

colombotoday