Colombo Today Local News

බදියුදීන්ගේ සහෝදරයාට එරෙහි නඩුව කැඳවයි

හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ඔක්තෝබර් මස 22 දා යළි කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (10)දින නියෝග කළා.

ඒ තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි වෙනත් පුද්ගලයෙකුට අයත් රුපියල් මිලියන 24 ක් පමණ වටිනා ඉඩම් අක්කර 40 ක් ව්‍යාජ ඔප්පු සකසා ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

මෙම ව්‍යාජ ඔප්පු වලට අදාළ ලේඛන සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට ප්‍රශ්නගත ලේඛන පරික්ෂා කිරීමේ පරික්ෂකවරයා වෙත යොමු කර ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

එහි වාර්ථා මෙතෙක් ලැබී නොමැති බව පොලීසිය අධිකරණයට දැනුම් දෙන ලදි.

සැකකරුවන් මේ වන විට ඇප මත මුදාහැර සිටිනවා.

Related posts

කළුතර ලී මෝලක් ඇවිලෙයි

colombotoday

නීතියට වෙට්ටු දැමූ ඇඹිලිපිටිය ASP රහස් පොලිස් අත්අඩංගුවට

colombotoday

ජනපති උපදේශක සාලි ජිහාද් ත්‍රස්තයෙක්ද සැකයි.. වහාම අත්අඩංගුවට ගන්න.. පොලිස්පතිට පැමිණිලි

colombotoday

මුදල් අමාත්‍යාංශය ඉතාමත්ම අකාර්යක්ෂමයි. ඇමති දයා ගමගේගෙන් ඇමති මංගලට ටොක්කක්

colombotoday

ගෑස් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

නාගානන්ද කොඩිතුවක්කු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හරියි. ජනාධිපති වන බව ස්ථිරයිලු

colombotoday