Colombo Today Local News

බත්තරමුල්ලේ බන්ටි පොලිස් දැලේ පැටලෙයි

පාතාල කල්ලි සාමාජික “අංගොඩ ලොක්කා”ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන බත්තරමුල්ලේ බන්ටි නැමැත්තා තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග‍්‍රෑම් 07 ක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 54,000 ක මුදල් ද සමගයි. මෙම සැකකරු රාජගිරිය, බත්තරමුල්ල, තලංගම සහ අවට ප‍්‍රදේශවල මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බවටයි පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන ඇත්තේ.

සැකකරුගේ නිවස වටලන අවස්ථාවේ එහි සිටි තවත් පුද්ගලයින් තුන්දෙනෙකු ද තලංගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් බත්තරමුල්ලේ බන්ටි නැමැති සැකකරුගේ මත්කුඩු ජාවාරම්වලට සහය දුන් අය බවට සැක කෙරේ.

බත්තරමුල්ලේ බන්ටි නැමැත්තා, පුද්ගල ඝාතන, වෙඩි තැබීම් ඇතුළු සිද්ධීන් කිහිපයකට සම්බන්ධ අය බව ද පොලිසිය පවසයි.

පාතාල සාමාජික සමයං ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන ඔහු වසර දෙකක පමණ කලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට මීට මාස 06 කට පමණ පෙර ඇප මත නිදහස් වූ අයෙකු බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

තෙල් නැතිව සුරාබදු වැටලීම් අඩපණ වෙයි

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

colombotoday

යහපාලන ගොනා බුද්ධාගමටත් අනී – සුද්දා 1815දීවත් නොකළ ද්‍රෝහීකමකට අර අදී

colombotoday

සිවුරු, අදනකඩ, හමුදා ඇදුම් සමග මුස්ලිම් දෙදෙනෙක් වැලිමඩින් අල්ලයි…

colombotoday

ආසාදිතයන් වැඩි වුවහොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් බවට පත්කර ප්‍රතිකාර කරනවා – යුධ හමුදාපති

colombotoday

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකගෙන් නිවේදනයක්

colombotoday