Colombo Today Local News

පොලිසියේ 2891 කට උසස්වීම්

පොලිස් නිළධාරින් සහ නිළධාරිනියන් දෙදහස් 891 දෙනෙකුට උසස්වීම් ලබා දී තිඛෙනවා.

පසුගිය මාස කිහිපයේ පැවති සම්මුඛ පරික්ෂණවලින් පසු පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම දැනුවත් කිරීමෙන් පසු මෙම උසස්වීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.

මේ අනුව පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුර දක්වා නිළධාරින් 1783 දෙනෙකු ද කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ සිටි නිළධාරිනියන් 334 දෙනෙකු කාන්තා පොලිස් සැරයන් තනතුර දක්වාද උසස් කර තිඛෙනවා.

පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරික්ෂක තනතුර දක්වා උසසවිීම් ලබා දී ඇති නිළධාරින් සංඛ්‍යාව 553 ක්.

කාන්තා පොලිස් සැරයන් තනතුරේ සිට කාන්තා උප පොලිස් පරික්ෂක තනතුර දක්වා නිළධාරිනියන් 76 දෙනෙකුට උසස්වීම් ලබා දී තිඛෙනවා.

පොලිස් සැරයන් රියදුරු තනතුර දක්වා නිළධාරින් 124 දෙනෙකු සහ උප පොලිස් පරික්ෂක ප්‍රවාහන තනතුර දක්වා නිළධාරින් 21 දෙනෙකු උසස්වීම් ලැබූවන් අතර වනවා.

Related posts

අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් දෙදෙනෙක් පළා යයි

Admin

පොලිස් ලොක්කන්ගේ අතයට ගනුදෙණු නිසා රට ගිනි ඇවිළෙන හැටි !!

colombotoday

2024 අයවැය නොවැම්බර් 13 වනදා මැතිසබයට

Admin

20 සම්මත කරන්න ඡන්දේ දෙන අයටත් ඇමතිධුර ?

colombotoday

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පත් වෙයි

colombotoday

උතුරෙන් දැවැන්ත ජන ගගක් කොළඹට… කොටි සැකකරුවන් නිදහස් කරන්න ඉල්ලා උද්ඝෝෂණයකට සැරසෙයි…

colombotoday