Colombo Today Local News

පාරිභෝගිකයන් එළවළු ග්‍රෑම් 25 ත් මිලදී ගනී – වෙළදුන් පඩි නොමැතිව අතමිට මොලවා හිතේ බරට කිරයි

vegetableඑළවළු මිල අධික ලෙස ඉහළ යැමත් සමඟම පාරිභෝගිකයන් එළවළු ග්‍රෑම් 100 ග්‍රෑම් 50 හා ග්‍රෑම් 25 මිලදී ගැනීමට හුරුවී ඇත.

බොහෝ වෙළෙඳුන් ළඟ ග්‍රෑම් 50 හා ග්‍රෑම් 25 මිනුම් උපකරණ (පඩි) නොමැතිවීම නිසා අතමිට මොලවා ග්‍රෑම් 50 ක්‌ ග්‍රෑම් 25 යනුවෙන් එළවළු හිතේ බරට කිරා පාරිභෝගිකයන්ට දීමට පුරුදුවී ඇත. මේ දිනවල වට්‌ටක්‌කා පමණක්‌ ග්‍රෑම් 500 බැගින් මිලදී ගැනීමට පෙලඹී ඇති අතර බෝංචි, මෑ, බණ්‌ඩක්‌කා, කැරට්‌, ලීක්‌ස්‌ වැනි එළවළු ග්‍රෑම් 500 බැගින් ගෙන යන්නේ අතමිට සරු සහ වාහනවලින් එන අය පමණක්‌ බව එළවළු වෙළෙන්දොa පවසති. සාමාන්‍ය මහජනයා එළවළු වෙළෙඳ සල්වලට ගොඩවී අමු මිරිස්‌ දෙහි වැනි ද්‍රව්‍ය වල මිල විමසීමත් සමඟම මහත්තයෝ නෝනා අමු මිරිස්‌වල දෙහිවල මිල අහන්න එපා ඒවා ගන්න නෝනලා මහත්තයලා තව ටික කලක්‌ ඉන්න යෑයි පවසන අයුරුද අසන්නට ලැබේ.

-Divaina

Related posts

ඥාණසාර හිමි හෝමාගම දී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක හඩ පටයක් ලීක් වෙයි

colombotoday

නිරෝධායන නීති නොතකමින් පැවැත් වූ අරාබි පාසල

colombotoday

සමරිසි ආලය පිහි ඇනුමකින් කෙළවර වෙයි…

colombotoday

අවසරය අවභාවිතයෙන් “මගුල් පොකුරු” ඇතිවීමේ අවධානමක්

colombotoday

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් විශේෂ නිවේදනයක්…

colombotoday

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday