Colombo Today Local News

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3000 ක් විනාශ කෙරේ

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3,000 ක් පාරිභෝගික සේවා අධිකාරිය සොයාගෙන තිබෙනවා. පොළොන්නරුව ගල්ලෑල්ල ප‍්‍රදේශයේ වී මෝලක සඟවා තිබියදි මෙම සහල් තොගය සොයාගැණුනා.

පොළොන්නරුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ට ලැබුණු තොරතුක් අනුව මෙම වැටලීම සිදුකෙරුණා. එහිදි කෘමි අන් සහිත සහල් කිලෝ 3,000 කට අධික ප‍්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා. එම කෘමි අසාධිත සහල්වල ඩයි මිශ‍්‍රකර රෝස කැකුළු නමින් අලෙවි කිරිමට සුදානම් කර තිබු බවයි පොළොන්නරුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. එම සැකකරු පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඩ නියම කර තිබෙනවා. එමෙන්ම දඩ නියම කළ අතර මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගය අනුව සහල්තොගය විනාශ කිරීමට පියවර ගත්තා.

මේ අතර වැල්ලම්පිටියේ ගබඩාවක තිබි කෘමීන් සහිත සහල් කිලෝ 1825 ක් සොයාගෙන තිබෙනවා.

කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලාධාරි කාර්යාලයේ සහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව ඊයේ පස්වරුවේ මේ වැටලීම සිදුකළා. පරිභෝජනයට නුසුදුසු එම සහල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 2 ක් පමණ වන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් පැවසුවේ.

අදාල සහල් ගබඩාවේ හිමිකරු පවසා ඇත්තේ තමන් පොළොන්නරුව ප‍්‍රදේශයේ තොග වෙළෙන්දෙකුගෙන් මෙම සහල් මිලට ගත් බවයි. පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම සහල් තොගය විනාශ කිරීමටද පියවර ගත්තා.

Related posts

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අපවත්වෙති

colombotoday

හොරණ තල්ගහවිල ප්‍රදේශයේ වෙඩිතැබීමක්

Admin

‘ඩෙල්ටා ප්ලස්’ නව වෛරස් ප්‍රභේද රට තුළට ඇතුල්වීමේ වැඩි ප්‍රවණතාවක්

colombotoday

අක්කර දහසක් විනාශ කරමින් ගල්ඔය අමුණ කැඩී යයි

Admin

“අමාත්‍යාංශය භාර අරන් මාස හතයි.. කිසිම වගකීමක් පවරලා නෑ” – රාජ්‍ය ඇමතිවරුන්ගේ ඉරණම රංගේ බන්ඩාර හෙළි කරයි

colombotoday

රජයේ නිලධාරිනියන්ට සාරිය අනිවාර්යයි

colombotoday