World

පකිස්ථානයේ කථානායකවරයාටත් කොරෝනා

පකිස්ථාන පාර්ලිමේන්තුවේ  කථානායක අසාද් කයිසර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඔහු පහළ මන්ත්‍රණ සභාව වන ජාතික සභාවේ කථානායකවරයා ය.

දින කිහිපයකට පෙර අගමැති ඉම්රාන් ඛාන් සහ තවත් උසස් නිලධාරීන් කිහිපදෙනකු හමුවූ බවත් රාමසාන් උත්සවය සැමරීම සඳහා ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා සහභාගි වූ බවත් කථානායකවරයා පවසා ඇත.

කථානායකවරයා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සමීපතමයෙකු වන නමුත් මෙය වාර්තා වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා කොරෝනා පරීක්ෂණයට ලක්වී ඇතිදැයි හෙළිවී නොමැත.

කෙසේවුවද ඉම්රාන් ඛාන් මහතා පසුගිය අප්‍රේල් මාසයේදී සිදුකරන ලද කොරෝනා වයිරස පරීක්ෂාවෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු කර තිබිණි.

පකිස්ථානයේ දකුණු දිග සින්ද් පළාතේ ආණ්ඩුකාර ඉම්රාන් ස්මයිල් මහතාට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි.

පකිස්ථානයේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගින් 17 439ක් වාර්තා වන අතර මරණ 391ක් සිදුවී තිබේ.

රෝගීන් 4 315ක් සුවය ලබා තිබේ.

පකිස්ථානයේ මිලියන 207කට අධික ජනගහනයක් සිටින අතර දිනකට සිදුකරන්නේ පරීක්ෂණ 8 000ක පමණ ප්‍රමාණයකි.

පසුගිය දින කිහිපය තුළ පකිස්ථානයේ දෛනික රෝගී වාර්තාවීම් ඉහල ගිය අතර ඊයේ (30) එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය වන 990ක් වාර්තා වී තිබිණි.

Related posts

තවත් කොවිඩ් එන්නතකට WHO අනුමැතිය හිමිවෙයි

colombotoday

ඇෆ්ගනිස්ථාන වැසියන් රට හැරදමා යාමට පොර බදිති. ගුවන් යානයක රෝදයේ එල්ලී ගිය තිදෙනෙක් ඇද වැටී මරුට

colombotoday

පකිස්තානයේ තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක්

colombotoday

ඉන්දියාවෙන් කොරෝනා මර්දනයට ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් නමින් දියරයක්

colombotoday

කැනඩා අගමැතිගේ බිරිඳටත් කොවිඩ් 19 ආසාදනය වෙයි

colombotoday

ජිහාඩ් අන්තවාදීන් ලෝකයම යුධ බිමක් කරලා – ෆ්‍රැන්සින් පාප් තුමා

colombotoday