Colombo Today Local News

නීතිවිරෝධීව සෞදියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට සහනයක්

වීසා බලපත් කල් ඉකුත්වීම හේතුවෙන් සෞදි අරාබියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් ගෙවීමකින් තොරව එරටින් පිටවීම සඳහා සෞදි අරාබි රජය අවසර ලබා දී තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞදි අරාබියේ පිටවීමට නොහැකි වු ශ්‍රී ලාංකිකයින් මුහුණදෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සෞදි අරාබි රජය මෙම තාවකාලික පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

දෙරට අතර දැනට පවතින ශක්තිමත් ද්වීපාර්ශවික සබදතාවන්හි ප්‍රතිඵලයක් ලෙස සෞදි අරාබි රජය
මෙම සහනය ලබා දී තිබේ.

ඒ අනුව වලංගු හෝ කල්ඉකුත් වූ සංචාරක වීසා බලපත්‍රයක් නැවත ඇතුළුවීමේ වීසා බලපත්‍රයක් හෝ අවසාන පිටවීමේ වීසා බලපත්‍රයක් ඇති ඔනෑම ශ්‍රී ලාංකිකයෙකුටම එරටින් පිටත්ව යන විට දී කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් ගෙවීමකින් තොරව පිටවීමට අවසර හිමිවනු ඇත.

Related posts

“ගෝඨා ගෝ හෝම්” කියන එක වහා නතර කරගන්න.. තරුණ දරුවන් මානසික වියවුලෙන් – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

colombotoday

අවුරුදු පහක් සීනි කන්න බිලියන 191ක් වැය කරලා

colombotoday

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි.. ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

ජනාධිපති කාර්ය මණ්ඩලයට තවත් පිරිසක් බඳවා ගනී

Admin

පෞද්ගලික බස් ධාවනය පහතට

colombotoday

සිග්නල් නෑ. වයි ෆයි එක ගහේ. | ටොයිලට් එක උඩ නැගලා දරුවන්ට උගන්වන හාමුදුරුවෝ

colombotoday