Colombo Today Local News

නීතිවිරෝධීව ගෙනආ කහ කිලෝ 1000ක් කල්පිටියේදී හමුවේ

තීරුබදු රහිතව ආනයනය කළ බවට සැළකෙන කහ කිලෝ ග්‍රෑම් දහසකට ආසන්න ප්‍රමාණයක් කල්පිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබේ.

පුත්තලම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී කල්පිටිය, එරුම්පුකුඩල් ප්‍රදේශයේ ලොරි රථයක තිබී කහ කැබලි කිලෝග්‍රෑම් 998ක් එලෙස සොයාගෙන ඇත.

අදාළ ස්ථානයේ තිබී එම කහ තොගය ගෙන්වූ පුද්ගලයාගේ බවට සැකකළ හැකි ලියකියවිලි කිහිපයක් ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

කහ තොගය සහ එම ලියකියවිලි වැඩිදුර විමර්ශන සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.

Related posts

ජාතික ගීය දමිළ බසින් ගැයීම පිළිබද සතුට පළකිරීමට විග්නේශ්වරන් නාග විහාරයට

colombotoday

ජනමතවිචාරණයකට ශ්‍රීලනිපය විරුද්ධයි.. ජනපති මතයත් එයමයි !!

colombotoday

ලොරියක ගැටී 11 හැවිරිදි දැරියක් මරුට

colombotoday

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

colombotoday

සහරාන්ගේ ලිපිගොනු සැගවූ අයට අපරාධ චෝදනා නෑ. | කොමිසම දෙබිඩි පිළිවෙතක. | ජනාධිපතිතුමනි 2.50 නිර්දේශ දාන්න කුණු කූඩයට

colombotoday

දැන් කාලේ හරි විශ්‍රාම සුවයෙන් නිවසේ සිටින්න

colombotoday