Colombo Today Local News

නීතිපති ආරක්ෂක අංශවලට එරෙහි නඩු හයක් පිළිබඳව CIDයෙන් වාර්තාවක් කැඳවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප්‍රධාන විමර්ශන හයක් පිළිබඳව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇත.

නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ප්‍රධාන විමර්ශන 5ක උදෘත ඉල්ලා සිටි අතර එම විමර්ශනවලට අමතරව මාධ්‍යවේදි ප්‍රදීප් එක්නැලිගොඩ පහරගෙන යෑම පිළිබඳව මෙසේ වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර තිබේ.

එම විමර්ශනවලට අදාළව කරුණු 11කින් යුත් වාර්තාවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.

මෙම තොරතුරු ලබන 23 දාට පෙර අවශ්‍ය බවත් වැඩබලන පොලිස්පතිවරයා දන්වා තිබේ.

නීතිපතිවරයා විමර්ශන උධෘත ඉල්ලා සිටි විමර්ශන පහ

ලසන්ත වික්‍රමතුංග ඝාතනය

වසීම් තාජුඩීන් ඝාතනය

කීත් නොයාර් පැහැරගෙන යෑම

සහන සේවයේ යෙදුණු 17ක් ඝාතනය කිරිම

තරුණයින් 11ක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම

Related posts

වැට් බදු සංශෝධන පනත්තේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නෑ

Admin

එජාප කොළඹ බලකොටුව අවධානමේ… රෝසිට ගෙදර යන්න වෙන ලකුණු !

colombotoday

කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි නොකරන බවට අධිකරණයට පොරොන්දුවක්

colombotoday

ජනපතිගේ නිල නිවේදන කථානායකවරයා හරහා පමණයි

colombotoday

තවත් ආසාදිතයින් 362ක්

colombotoday

සිල්වත් ලෙස රඟපාන කිරුළපන ධම්මවිජය හිමි රූපවාහිනී අධ්‍යක්ෂ ජෙනරාල්ට තග දාලා. – අධ්‍යක්ෂ ජෙනරාල් පොලීසි යයි.

colombotoday