Colombo Today Local News

නිලධාරිනියගෙන් දුරස්ව ඉන්න‘යි තානාපතිට ජනපතිගෙන් අවවාද

තමා පැහැරගැනීමට ලක්වූයේ යැයි ස්විස් තානාපති නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය කළ කතාන්දරය බොරුවක් යැයි කොළඹ ස්විස් තානාපතිවරයාට දැනුම්දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.  එම මුසාබස් පැවසීම ගැන සාක්ෂිද ලබාදීමට තානාපතිවරයා පවා සූදානම් යැයිද ජනාධිපතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින විදේශීය මාධ්‍ය ආයතන නියෝජිතවරුන් හමුවේ අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ බව පැවසුවේය.  ස්විස් තානාපති නිලධාරිනිය මුසාවක් පැවසූ බව සැකයකින් තොරව සනාථ වී ඇති  බවද, මෙම නිලධාරිනිය සමඟ ගනුදෙනු දුරස්ථව පවත්වාගෙන යන්නැයි තානාපතිවරයාට පැවසූ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඇය මුසාවක් පැවසූ නමුත් තානාපතිවරයාගේ ඉල්ලීම මත විශේෂ වරප්‍රසාද අපේක්ෂා කර සිටි බවත්, ඇයගේ අරමුණ කුමක්ද යන්න සොයාගන්නා තුරු විමර්ශන දිගින් දිගටම කෙරීගෙන යන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

” පසුගිය රජය යටතේ මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිහිප වතාවක් කැඳවා එහි යාමට සිදුවූ අවස්ථාවලදීත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රශ්න කළ අවස්ථාවේදීත්, එම නිලධාරීන්  වෙනත් කිසිවෙකුටත් අප සමඟ ඒමට ඉඩදුන්නේ නැහැ. එය සාමාන්‍ය ක්‍රමවේදයයි.“

“ නමුත් මේ සිදුවීමේදී, නිලධාරිනියගේ නීතිඥවරයාට ඇය සමඟ සිටීමට අවසර දී තිබෙනවා. තානාපතිවරයාගේ ඉල්ලීම අනුව එය ඇයට දුන් විශේෂ වරප්‍රසාදයක්. ඒ අනුව ඇයට අවශ්‍ය පහසුකම් සපයා දී තිබෙවා” යැයිද ජනාධිපතිවරයා පැවසීය.

Related posts

මිණිය වළලන්න ගිය 25කට හෙන ගහලා

colombotoday

වෙල්ගම, පවිත්‍රා ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයෙන් ඉවතට.. මන්ත්‍රී ධුරත් අහෝසි කිරීමට පියවර ??

colombotoday

කටාර් අවුලෙන් ගුවන් ගමන් නවතී.. කටාර් රියාල් මාරු කිරීමත් ගුවන්තොටුපොළ බැංකු ප්‍රතික්ෂේප කරයි

colombotoday

පාස්කු වාර්තාවෙ බොදු බල සේනා තහනම සමස්ත බෞද්ධයාට සිදුකල බලපෑමක්

colombotoday

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සුබානා ජුරොං සැලැස්මට කැබිනට් අනුකමිටුවක්

Admin

දින ගණනක මෙහෙයුමකින් අයිස් – හෙරොයින් කිලෝ 200ක් නාවික හමුදාව අල්ලයි

Admin