World

නිරෝධායන නීති කැඩූ අයෙක් වෙඩි තබා මරා දමයි. පිලිපීන ජනාධිපතිගේ නියෝගයට අනුව පොලිසිය ක්‍රියා කරයි.

පිලිපීන ජනාධිපති නියෝගය පරිදි නිරෝධායන නීති කඩකළ පුද්ගලයෙකු පිලිපීන පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පල වේ.

මුහුණු ආවරණයක් පැළඳ නොසිටීම ගැන අවවාද කිරීමෙන් පසු 63 හැවිරිදි පුද්ගලයෙකු කෝපයට පත් වී රාජ්‍ය නිලධාරීන්ට හා පොලිසියට තර්ජනය කළ බව ප්‍රාදේශීය පොලිස් වාර්තා සඳහන් කර සිටියි. මෙම සිද්ධිය සිදුව ඇත්තේ පිලිපීනයේ දකුණු පළාතක් වන අගුසාන් ඩෙල් නොර්ටේහි ය.

වාර්තාවට අනුව, බීමත්ව සිටි බවට සැක කරන මෙම පුද්ගලයා නිලධාරීන්ට පහර දී ඇත. ඔහු යටත් කර ගැනීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීමක් සිදු කර ඇත.

කොරෝනා වෛරසය පැතිරීම මධ්‍යයේ රජයේ නියෝග කඩකරන්නට වෙඩි තබන ලෙස පොලීසියට සහ හමුදාවට පිලිපීන ජනාධිපතිවරයා නියෝග කරන ලදි.

Related posts

විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ඡේ බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට

colombotoday

ඇමෙරිකන් චිත්‍රපට නැරැඹූ ගැටවරයන් පවුලේ අය ඉදිරියේ මරා දායි

Admin

සුඛෝපබෝගී හෝටලයක ප්‍රබල පිපිරීමක්

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

colombotoday

කුමාර් සානුට කොරෝනා

colombotoday

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin