Colombo Today Local News

නිදහස් කල සිරකරුවන් අතර “සිංහල කොටි” පස්දෙනෙක්

??????????????????????????????????????????????????????????

ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටි ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන්ගෙන් 31 දෙනෙකු පසුගිය 11 වනදා අධිකරණය විසින් ඇපමත නිදහස් කරන ලදි. ඇප මත නිදහස් වූ එම 31 දෙනා අතර සිංහල ජාතිකයන් පස් දෙනෙකුද සිටින බව බන්ධනාගාර නිළධාරීන් තහවුරු කරයි.

එම පස් දෙනා වන්නේ ටී කේ ලසන්ත පත්මලාල්, ටී ඒ ප්‍රියන්ත සිසිර කුමාර, ඒ උදය චන්දිමාල්, දිමුතු සුරත පෙරේරා සහ කුමාරගමගේ සුමනදාස සුසිල් යන අයයි.

ඇප මත නිදහස් වූ එම පිරිස අපරාධ සම්බන්ධයෙන් සිරගත කළ අය බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් චෝදනා කර ඇති අතර බන්ධනාගාර කොමසාරිස්වරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගත් අයට වෙනත් චෝදනද තිබිය හැකි බව බන්ධනාගාර කොමසාරිස්වරයා පවසයි.

මේ අතර ඉකුත් දා සිරකරුවන් නිදහස් කිරීමේ අවස්ථාවට රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක නියෝජිතයන් පැමිණ සිටි අතර වටරැක විජිත නමින් හැදින්වෙන භික්ෂුවක්ද සහභාගී වී තිබිනි. මේ අතර දැනට අත්අඩංගුවේ සිටින ඉතිරි සිරකරුවන් ද වහාම නිදහස් නොකළොත් මාරන්තික උපවාසයක් අරඹන පව ප්‍රකාශ කර ඇති අතර ‍”දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම් ජාතික ව්‍යාපාරය” නමින් හැදින්වෙන කණ්ඩායමට නායකත්වය දෙන ශක්තිවේල් නමැති පූජකයා කියා සිටින්නේ එම සිරකරුවන්ගේ ජීවිතවලට ජනාධිපතිවරයා වගකිව යුතු බවයි.

Related posts

අවුරුදු 10ක දරුවෙකු පණගැන්වූ යතුරුපැදියක ගැටී සිගිත්තියක් මරුට

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලාවට

colombotoday

කිලිනොච්චියේ බෝධියක් හා බුදුමැදුරක් තිබූ තැන මත්පැන් පොළක් වෙයි – බුදු පිළිමයත් අතුරුදහන්

colombotoday

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 කට නායයෑම් රතු නිවේදන

colombotoday

දිනුවත් අපේක්ෂකයන් 62 දෙනකුගේ ආසන හිමිකාරීත්වය අවදානම් තත්ත්වයක

colombotoday

අහුංගල්ලේදී බෝර 12ක් පත්තුවෙයි. පෞද්ගලික ආරවුලක් මරණයකින් අවසන් වෙයි

colombotoday