Colombo Today Local News

නැගෙනහිර පුරාවස්තු රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. ප්‍රධානීත්වය ආරක්ෂක ලේකම්වරයා.

නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ පාර්ශ්වයන් කරුණු ඉදිරිපත් කර තිබේ. මේ සියල්ල සැලකිල්ලට ගෙන ඓතිහාසික ස්ථාන කේන්ද්‍රකර ගනිමින් ඒවා ආරක්ෂා කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෙන් ක්‍රියාවට නැංවීම වැදගත් බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

සෑම මසකම තුන්වැනි සිකුරාදා රැස්වන බෞද්ධ උපදේශක සභාව දෙවන වරට ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර එහිදී මහා සංඝරත්නය අමතා ජනාධිපති ගෝඨාභය මේ බව පැවසීය.

බුදු දහමට සහ ත්‍රිපිටකයට පටහැනි ඇතැම් භික්ෂු ක්‍රියාකාරකම් නිසා ශාසන කතිකාවතක අවශ්‍යතාව පිළිබඳව මහා සංඝරත්නය දීර්ඝ වශයෙන් දැනුවත් කර ඇති අතර ඒ ගැන ගත යුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඉදිරිපත් කළහොත් තම ධූර කාලයේ දී ඊට අවශ්‍ය පිළියම් යෙදිය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත..

Related posts

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සුදානම් – චමල්, බැසිල්, නාමල්ට ඇමති ධූර නෑ.

colombotoday

මහ කන්නයට යුරියා පොහොර බෙදාහැරීම අද සිට

Admin

රටම හෙල්ලූ ඛණිජතෙල් සංස්ථා වෙඩිල්ලේ සම්පූර්ණ CCTV දර්ශන නිකුත්වෙයි… [Video]

colombotoday

ඒකාබද්ධය ජනපති මැදුරට.. අලුත් ආණ්ඩුව සූදානම් !!

colombotoday

හෙරොයින් කිලෝ 8ක් සමගින් මුස්ලිම් ජාතිකයකු ගුවන්තොටුපලින් අත්අඩංගුවට

colombotoday

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන විවාදය අද

Admin