Colombo Today Local News

නාවික හමුදා රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව එජාප මන්ත්‍රී අත්අඩංගුවට

ආරච්චිකට්ටුව කරුක්කුපනයේ නාවිකහමුදා අණුුඛණ්ඩයේ රාජකාරියේ යෙදී සිටි නාවික හමුදා නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී වරයෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කරුක්කුපනය ප‍්‍රදේශයේ එ. ජා. ප මන්ත‍්‍රීවරයෙකි.


ඇදිරිනීතිය පැවත්වෙන කාලසීමාවතුළ එම ප‍්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක 30ට අධික පිරිසක් ඒකරාශිකරමින් ආගමික කටයුතු කිරීමට විරුද්ධවූ එම නාවික හමුදා නිළධාරීන් සමග ගැටුමක් ඇතිකර ගෙන ඇති අතර මෙය පාලනය කිරීම සඳහා සහ අදිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාව අත්අඩංගුවටගෙන ඇත.

එම ස්ථානයට එකතුවූ පිරිසට තම නිවෙස්වලට යාමට පොලීසිය නියෝගකර ඇති අතර මන්ත‍්‍රීවරයා අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

Related posts

බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

colombotoday

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

Admin

විජිත රෝහණ ඇපමත නිදහස්

colombotoday

ගාල්ලෙන් ගිය බස් රථයකට යාපනේදී ප්‍රහාරයක් !

colombotoday

බියර් මිළ අඩු කිරීම ගැන ජනපති කනස්සල්ලෙන් !

colombotoday

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් අපේ ඉලක්කය සාර්ථකයි – හිටපු ජනපති

colombotoday