Colombo Today Local News

නාමල් කුමාර යළි රිමාන්ඩ්

දූෂණ විරෝධි බලකාය නමැති සංවිධානයේ අධ්‍යක්ෂ ලෙස පෙනී සිටි නාමල් කුමාර නමැත්තා ඊයේ (26) හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 09 වැනි දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

හෙට්ටිපොල ප්‍රදේශයේ ඇති වූ කලහකාරි සිද්ධියක් සම්බන්ධයෙන් නාමල් කුමාර පසුගිය 18 වැනි දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් සති 03 කට පසු හෙට්ටිපොල ප්‍රදේශයේ ඇති වූ ගැටුමකට නාමල් කුමාර සම්බන්ධ වූ බවට සැකපිට පසුගිය මැයි 14 වැනි දා ඔහු අත්අඩංගුවට ගැනුණේ වරකාපොලදීය.

Related posts

සංවිධායකකමෙන් නෙරපූ ජනකගෙන් ශ්‍රීලනිප සභාපති මෛත්‍රීට අභියෝගයක් !

colombotoday

පොලීසියෙන් සොයන පල්ලියේ භාරකරු මාධ්‍ය හමුවක් පවත්වා අටළුගම කාන්තාවගේ චරිතය හොදනෑ කියයි

colombotoday

සුනිල් පෙරේරාගේ අවසන් කටයුතු සඳහා සහභාගී විය හැක්කේ පවුලේ 5 දෙනෙකුට පමණයි.

colombotoday

හිටපු ජනපති නන්දසේන ගැන මානව කොමිසමෙන් රජයට නිර්දේශයක්

colombotoday

ජනවාරියේ ඩොලර් මිලියන 1000ක ණය නොගෙව්වොත් ලංකාව බ්ලැක් ලිස්ට් !

colombotoday

ආහාර අහේනියක්… සහල්, අත්‍යවශ්‍ය ආහාර රටින් ගෙන්වන්නැයි ජනපති දන්වයි !

colombotoday