Colombo Today Local News

නව විශ්වාස භංගයක් ඉදිරිපත් කර හරියට සම්මත කරගන්න – ජනාධිපති පක්ෂ නායකයන්ට කියයි

තමන් ව්‍යවස්ථාව කඩවන අන්දමේ කටයුත්තක් නොකරන බවත්, ඒ අනුව නැවත පාර්ලිමේන්තුව කල් දැමීමට අපේක්ෂා නොකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා (නොවැම්බර් 15) සවස පක්ෂ නායකයන් සමග පැවති හමුවේදී ප්‍රකාශ කළ බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැවසීය.

බදාදා ඉදිරිපත් කළ විශ්වාස භංගයේ පළමු කරුණ තමන්ට එරෙහිව ඉදිරිපත් වූවක් බැවින් සහ පිළිගත නොහැකි කරුණක් බැවින් අලුත් විශ්වාස භංග යෝජනාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා මෙම හමුවීමේදී පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නැවත විශ්වාස භංගයක් ඉදිරිපත් කර සම්මත කරගන්නේ නම් එය පිළිගැනීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා සඳහන් කළ බවත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැවසීය.

එබැවින් සිකුරාදා (නොවැම්බර් 16) නැවත වතාවක් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ද ඔහු පැවසීය.

බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන් පත් කළ අග්‍රාමාත්‍යවරයා පිළිනොගන්නේ නම් ඒ අනුව කටයුතු කරන අතර, එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය තිබෙන්නේ යයි තමන් පිළිගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණ සිටි පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.

Related posts

පෞද්ගලික මූල්‍ය ආයතන පහකට සීල් තබයි

colombotoday

මහින්ද මයිත්‍රී රහස් හමුවක්. එන ජන්දෙට දෙපාර්ශවය පුටුවෙන් ?

colombotoday

ඉන්ධන අවසන් කියූ පසු හමුදා සෙබළාගේ අත කපලා

colombotoday

රනිල් වෙඩි නොවදින රථයක්, පොලිසියේ 200ක්, හමුදාවේ 17ක් සමග තවත් වරප්‍රසාද ඉල්ලයි

colombotoday

කාල්ටන් නිවස අසල විරෝධතාව : අත්අඩංගුවට ගත් සැකකරුවන් 12ට ඇප

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරු සංකේත වැඩවර්ජනයක

Admin