Colombo Today Local News

දෙවනි ඉනිමට සූදානම් වෙන්න… ගෝඨාභය පොහොට්ටු වේදිකාවට නංවා මහින්ද කියයි

ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ පළමු ඉනිම ජයගත් ආකාරයෙන් දෙවැනි ඉනිමද ජය ගැනීමට සූදානම් වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළාත් සභා මන්තී‍්‍රවරුන් ඉදිරියේ ඊයේ පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ සදහන් කලේ අද පෙරවරුවේ නෙළුම්මාවතේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කාරයාලයේ පැවැති පළාත් සභා මන්තී‍්‍රවරුන් සඳහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකත්වය පිරිනැමීමේ උත්සවයට එක් වෙමිනි.

මෙම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්වීම විශේෂත්වයකි. හිටපු ආරක්ෂක ලේකම්වරයා ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුනේ ආරාධනාව පිළීගෙන මෙම අවස්ථාවට එක්වීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවද මෙහිදී හිටපු ජනාධිපතිවරයා සදහන් කලේය.

පළාත්සබා මන්තී‍්‍රවරුන්ට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකත්වය පිරිනැමීම සංකේතවත් කරමින් හිටපු ජනාධිපතිවරයා අතින් පළාත් සභා මන්තී‍්‍රවරු කිහිප දෙනෙකුට පක්ෂ සාමාජිකත්වය පිරිනැමීමද එහිදී සිදුවිය.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් කළ ප‍්‍රකාශය වෙනත් පුද්ගලයෙක් විසින් සිදුකලේ නම් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇතැයිද සදහන් කළ හිටපු ජනාධිපතිවරයා පක්ෂයේ නීතියට පෙර ඕනෑම පුද්ගලයෙක් රටේ නීතියට ගරු කළ යුතු බවද සදහන් කලේය.

ඉහළ සිට පහළ ස්ථාරය දක්වාම සෑම පුද්ගලයෙක්ම වෛරය පතුරවීමේ ප‍්‍රතිඵලයක් ලෙස අද පාසල් දරුවන්ද ගහ මරා ගන්නා තත්ත්වයට ඇද වැටී ඇතැයිද හෙතෙම සදහන් කලේය.

රටක නායකයින්ට විනයක් නොමැති තත්ත්වයක් තුල ජනතාවගෙන් විනයක් බලාපොරොත්තු විය නොහැකි බවද හිටපු ජනාධීපතිවරයා එහිදී වැඩි දරටත් සදහන් කලේය.

මෙම අවස්ථාවට එ්කාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහාය පල කරමින් එහි සාමාකත්වය ගැනීමට පැමිණි පළාත් සභා මන්තී‍්‍රවරු රැසක් සහභාගි වූහ.

Related posts

ඉඩම් ආරවුලක් මරණින් කෙළවර වෙයි

colombotoday

“ප්‍රභාකරන් අද හිටියානම් මේ ආණ්ඩුවේ අගමැති“ – විජයකලා ප්‍රභාකරන්ගේ ගුණ ගයයි (Video)

colombotoday

නසීර් අහමඩ්ට එරෙහිව ත්‍රිවිධ හමුදාව කෙළින් හිටගනී.. හමුදා කදවුරක් අහලකටවත් වද්දා ගැනීම තහනම්

colombotoday

පොලිස් නිලධාරියෙකු සුනඛයාට තැබු වෙඩි පහර පුද්ගලයෙකුටත් වදී

colombotoday

අද සිරකරුවන්ගේ දිනය දා ඥානසාර හිමි බැලීමට භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් වැලිකඩට

colombotoday

අහුංගල්ලේ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday