Colombo Today Local News

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

වීරකැටිය පොලිස් වසමේ මොරයාය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පාසල් සිසුවෙක් ඝාතනයට ලක්ව තිබේ.

ඊයේ (30)දින රාත්‍රී 7ට පමණ මෙය සිදුව ඇත.

ආරවුල දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහර දී ඇති අතර, ඉන් 6 දෙනෙක් තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී වයස අවුරුදු 17ක් වන මොරයාය, උතුරු වෑකඳවල ලිපිනයේ පදිංචි උසස් පෙළ හදාරමින් සිටින සිසුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය සිසුවාගේ පියා ද බරපතළ තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෘත ශරීරය පිළිබඳ මුලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (31)දින සිදුකිරීමට නියමිතය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වීරකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

22 සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙන්න

colombotoday

එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික හොරෙයින් සමග පුකුඩු කන්නාගේ ගෝලයෙක් අල්ලයි

colombotoday

තිස්සමහාරාම වැව හාරන්න චීන – ශ්‍රී ලංකා හවුල් සමාගම අවසරයක් ගෙන නැහැ

colombotoday

ජාතිවාදයේ ගිනිදැල් නැගේ… “නැගිටිව් දමිළයිනි.. සිංහල බෞද්ධ උතුරට එපා“ යාපනේ විරෝධතා !

colombotoday

ඉන්දියාවෙන් ගෙන ආ රුපියල් කෝටියක කේරළ ගංජා තොගයක්

colombotoday

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28%ක් දක්වා පහළ යයි

Admin