Gossip

“දෙන දෙවියෝ නිලමෙටම දීලා, නිලමේ දේවාලයට දීලා“ කතරගම බස්නායක නිලමෙට ලක්ෂ 20 ලොතරැයි දිනුමක්.

kataragama

දෙන දෙවියෝ ගෙට ගෙන විත් දෙයිදෝ යන කියමනක් අප රටේ ජනයා අතර පවතී. මෙම කියමන සනාථ කරමින් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතාට ලොතරැයියක් ඇදීමෙන් රුපියල් ලක්ෂ විස්සක මුදලක් දිනා ගැනීමට හැකි වී තිබේ. මෙම මස 16 වැනි දින අදින ලද මහජන සම්පතේ ප්‍රථම දිනුම එනම් අංක 3080 දරන ටිකට් පතට හිමි රුපියල් ලක්ෂ විස්සක මුදල බස්නායක නිලමේ ඩී.පී කුමාරගේ මහතා මිලදීගත් ටිකට්පතකට හිමිව ඇත.

මේ සම්බන්ධ අදහස් දැක්වූ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා පැවසුවේ කතරගම දෙවියන්ට සේවය කිරීමට තමන් පැමිණි බවත්, දේවාලය ඉදිරිපිට ගමන්ගත් ටිකට් අලෙවි කරුවකුගෙන් තමන් මෙම ටිකට් පත් පසු ගියදා මිලදීගත් බවත්ය. මෙම දිනුමෙන් ලද මුදල් රුපියල් ලක්ෂ 20ක මුදල දේවාලයේ අරමුදලට තැන්පත් කර වන්දනා බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් දීමට යොදවන බව ඩී.පී. කුමාරගේ මහතා පැවසීය.

Related posts

අගරදගුරුගේ ඉල්ලීමට ප්‍රතිචාර ලැබේ.. ‘අනුරාගිනී‘ වාරණයට ලක්වේ !!

colombotoday

දෙවෙනි ඉනිමේ අවන්තගේ බිරිදගේ වීඩියෝවක් එලියට

colombotoday

රයන්ගේ එකම දියණිය රයන් ගැන කිවුව දේ

colombotoday

හිට්ලර් යළි උපදී, ලෝකයම හිනස්සයි (video)

colombotoday

“ඔබේ ආදරේ සයුරක් වගේ” – ශනුද්‍රි කියන ඒ කතාව Video

colombotoday

චතුරිකා පීරිස්ට කොවිඩ් ආසාදනය වෙයි.

colombotoday