Colombo Today Local News

දුරකතන අංකය වෙනස් නොකරම වෙනත් සේවා සපයන්නෙකු සමග එක් වෙන්න පාරිභෝගිකයන්ට අවස්ථාව

ජංගම දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන සේවා සපයන සමාගම වෙනස් කිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර ඇත.

පාරිභෝගිකයින්ට අවශ්‍ය වන පරිදි තමන්ගේ ජංගම දුරකථන සඳහා භාවිත කරන සිම් කාඞ්පත වෙනස් කිරීමකින් තොරව සිය සේවා දායකයා පමණක් වෙනස් කිරීමට හැකි වන පරිදි මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඊට අදාළ මුලික ක‍්‍රියාමාර්ගයන් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව “ට්විටර්” සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

Related posts

වෙළඳසැලක කතකගේ මළ සිරුරක්

Admin

එළවළු මිල ගණන් ඉහළට

colombotoday

රැයක් පුරා පුතුගෙන් පහර කෑ පියෙක් මිය යයි

colombotoday

නොදන්වා රට සවාරි ගිය එජාපයේ 25කගෙන් නිදහසට කරුණු විමසයි

colombotoday

මුල්ලේරියාව රෝහලට චීනයෙන් නොමිලයේ PCR යන්ත්‍රයක්

colombotoday

සත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අවසර

colombotoday