Colombo Today Local News

දිවයින පුරා වනජිවි නිලධාරින් සංගම් වැඩ වර්ජනයක

දිවයින පුරා වනජිවි නිලධාරින් සංගම් හතක් අද (17) දින අසනිප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගය නියැලෙන බව සමස්ත ලංකා එක්බද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහත පවසයි.

ප්‍රභාෂ් කරුණාතිලක මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් එබව කියා සිටිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

“වසර ගණනාවක සිය පැය 24 ම සේවය කරන වනජිවි නිලධාරින් සදහා දිරි දිමනාවක් බලධාරින්ගෙන් අයදුම් කරලා තියෙනවා, සමස්ත රාජ්‍යය නිලධාරින්ට වඩා අපි පැය 350 ක් සේවය කරනවා.”

“කිසිදු රාජ්‍යය ආයතනයකින් කිසිදු ඇගයිමකට ලක් කරලා නැ , අපේ රාජකාරියේ සුවිශේෂිත්වය ඔවුන්ට වැටහෙන්නේ නැ.”

“වන සතුන්ගෙන් සිදු වන පිඩා කොයි වේලාවේ සිදු වෙයිද කියලා දන්නේ නැ එ නිසා අපිට රජයේ නිවාඩු , පොහො දින සියල්ලේම වැඩ කිරිමට සිදු වෙලා තියෙනවා.”

“අපගේ කැපවිමට කිසිදු අගය කිරිමක් සිදු කරලා නැ, මේ නිසා තමයි අපි තිරණය කලේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එලඹිමට.මාර්තු මස 17 දින විෂය භාර අමාත්‍යංශ ලේකම්වරිය මේ දිමනාව ලබාදෙනවා කියලා පොරොන්දු වුණා. නමුත් ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න සමත් වෙලා නැ.රටේ පවතින කොරොනා තත්ත්වය නිසා අපේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කලා.”

“පසුව මාසයකට ආසන්න කාලයක් රටේ වෛරස් තත්ත්වය අඩු වෙලා තියෙනවා නමුත් අපගේ ඉල්ලිම් පිලිබදව කිසිදු තැකිමක් සිදු කරේ නැ.
රට යථාවත් වුණ විටත් මේ පිලිබදව අවධානයක් යොමු නොකිරිමට විරෝධයක් පල කිරිමක් වශයෙන් සංකේතාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා.වෘත්තිය සමිති හතක් ගිවිසුම්ගතව මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙනවා.”

“අද (17) දිනයේ සියළුම වනජිවි නිලධාරින් අසනිප නිවාඩු වාර්තා කිරිමට කටයුතු කරනවා.කොරොනා තත්ත්වය හමුවෙත් අපි පැය 24 ක කාලයේම රාජකාරි කටයුතු වල නිරත වුණා.එ පිළිබදවත් කිසිදු ඇගයිමක් සිදු කලේ නැ, කොරොනා වෛරස් කාලයේ කිසිදු රාජ්‍යය නිලධාරියෙක් ජිවිතයෙන් වන්දි ගෙව්වේ නැ නමුත් අපේ නිලධරින් දෙදෙනෙක් ජිවිතයෙන් වන්දි ගෙව්වා.”

“විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා (17) දිනයේ වල් අලි තර්ජනය තියෙන ප්‍රදේශවල ජනතාවට නිවස් වලින් එළියට එන්න එපා කියලා රාත්‍රි කාලයේ.

මොකද ඔබ හදිසියේ අමතන වනජිවි නිලධාරින් (17) දිනයේ සිට රාජකාරි කටයුතු වල නිරත නොවන නිසා.” යනුවෙන් පැවසිය.

Related posts

ඉහළ කොත්මලේ-ලක්ෂපාන-කැනියොන් වාන් දොරටු අරී

colombotoday

රන්ජන්ගේ යට ඇඳුමත් ගැල වේ. බුදුන්ට,මරියා තුමියට මෙන්ම දිවංගත අගමැතිවරුන්,හිටපු ජනපතිවරුන් ඇතුලු ප්‍රභූන් රැසකට අපහාස

colombotoday

අපේ ජනබල පක්ෂයෙන් රතන හිමි දොට්ට. – මන්ත්‍රිධුරයෙන් නෙරපන්නයැයි මැතිවරණ කොමිසමට දන්වයි.

colombotoday

ආරුගම්බේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

අත්‍යාවශම නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා අලුත්ම පාස්පෝර්ට් ඔක්තෝම්බරයේ

Admin

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට තිළිණ වන නවතම පුවත් කළාපය Ceylon UK News අද සිට

colombotoday