Colombo Today Local News

දරුණු අපරාධකරුවන් දෙදෙනෙකු පිරිවරා මාධ්‍ය හමුවේ…. ඇමති රාජිතට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්…

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පෙරේදා කැදවා තිබුණු මාධ්‍ය හමුව සසම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර අමාත්‍යවරයා සහ ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනනවා.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් සිංහලේ සංවිධානයේ සභාපතී පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සදහන් කළේ අපරාධයකට සම්බන්ධ පුද්ගලයන් ගැන තොරතුරු පැවතියත් ඔවුන්ට එරෙහිව පොලිසියට පැමිණිළී නොකර ඔවුන් සමග මාධ්‍ය හමුවේ පෙනී සිටි ඇමතිවරයා අත්අඩංගුවට ගත යුතු බවයි.

මේ අතර අදාල සිදුවීම පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද අවධානය යොමුව ඇති අතර, ශ්‍රීලනිපය ට සම්බන්ධ ජේෂ්ඨයෙකු සදහන් කළේ අපරාධයක් දැනගෙන එය වසන් කිරීම හේතුවෙන් රාජිත සේනාරත්න මහතා නීතිය ඉදිරියේ වරදකරුවෙකු වනු ඇති බවයි. බොහෝ දුරට බොහෝ වසර පහක් දක්වා වූ සිරදඩුවමක් නියම වීමට නීතියේ ඉඩක් ඇති බවද ඔහු තව දුරටත් පැවසීය.

Related posts

රජිව් ගාන්ධි ඝාතකයා ලංකාවට එවිමේ සූදානමක් !

colombotoday

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටෙයි

Admin

ඉස්ලාම් අන්තවාදී සංවිධානයකට මුදල් සැපයූ අයෙක් අත්අඩංගුවට

colombotoday

ඇමති ජෝන් පල්ලියක් හදන්න ගල්ගමුවේ වැව් රක්ෂිතයකට විදියි

colombotoday

කොළඹ ඉඩම් තක්සේරු අගය ඉහළට

colombotoday

ජනපති අපේක්ෂකයින් හතරදෙනෙකු ගැන ඒකාබද්ධයේ සාකච්ඡා

colombotoday