Colombo Today Local News

දරුණු අපරාධකරුවන් උසාවි ගෙන යද්දී එස්‌ටීඑෆ් ආරක්‍ෂාව- පොලිස්‌පති කියයි

මරණීය තර්ජන එල්ල වී ඇති දරුණු ගණයේ අපරාධකරුවන් බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන යද්දී ඔවුන්ගේ ආරක්‍ෂාවට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යෙදවීමට කටයුතු කරන බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.

අපරාධකරුවන් අධිකරණය වෙත රැගෙන යද්දී ඔවුන්ට ආරක්‍ෂාව ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්‌ ලබන 07 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී මෙම අපරාධකරුවන්ගේ ආරක්‍ෂාව සඳහා විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවද පොලිස්‌පතිවරයා කීය.

පාතාල නායකයකු බව කියන රණාලේ සමයා ඇතුළු පුද්ගලයන් 7 දෙනකු කළුතර උතුර ප්‍රදේශයේදී බන්ධනාගාර බස්‌ රථයක්‌ තුළදී වෙඩි තබා ඝාතනයට ලක්‌ කිරීමෙන් පසු අපරාධකාරයන්ට ආරක්‍ෂාව ලබාදීමේ අවශ්‍යතාව මතු විය.

Related posts

HNDA ඩිප්ලෝමාව උපාධිය හා සම තත්වයට

colombotoday

කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම්

colombotoday

හෙම්මාතගම මව්ලවිවරයෙක් අත්අඩංගුවට

colombotoday

හබරණදී දුම්රියේ ගැටුණු වන අලියෙකු මරුට.. – දුම්රියත් පීළිපනී

Admin

මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඇමරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ ‍නෞකාව කොළඹ වරායට

colombotoday