Colombo Today Local News

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හෙට (24) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කළබව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (23) පැවති සාකච්ඡාවකදී පැවසීය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ ජනතාව ඉතා අනාරක්ෂිත ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවීමට තීරණය කළ බව හෙතෙම පැවසීය.

වැඩිහිටි ආධාර සහ ආබාධිත ආධාරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරීන්  මගින් නිවෙස් වලට ලබාදීමට රජය තීරණය කර තිබෙන නිසා එම අධාර මුදල් ලබා ගැනීමට තැපැල් කාර්යාල වලට හා බැංකුවලට පැමිණීම අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරනු ලැබුවේ ගොවීන්ගේ එළවළු විනාශ වීම වැළැක්වීම සඳහා බවත් ජනතාව අනාරක්ෂිත ලෙස ආර්ථික මධ්‍යස්ථානයට  පැමිණීම නිසා එහි පරිපාලනය සහ රජය අපහසුතාවයකට පත් වන බවත් හෙතෙම සඳහන් කළේය.
 
සෞඛ්‍ය නීති කඩකරන සියලුම දෙනාට තරාතිරම නොබලා දඩුවම් කිරීමට රජය තීරණය කර තිබෙන බවත් අමාත්‍යවරයා කීය.

Related posts

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 15 ක් අත්අඩංගුවට…

colombotoday

කැලෑපාළු යකා විල්පත්තුවෙන් වන්නිමේඩුවට, රක්ෂිතය කැපූ බදියූද්දීන්ගේ ආධාරකරුවෝ සහ TNA මන්ත්‍රීන් අතර ගැටුමක්

colombotoday

අනුරාධපුරයේ වෙළදසැල් වසති

colombotoday

මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමට දින නියම කරයි

colombotoday

විජේදාස රාජපක්ෂට ඇගිල්ලේ තරම දැනගන්න පුලුවන් වෙයි. | රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ කියයි.

colombotoday

මහනුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක

Admin