Colombo Today Local News

දන්සල් දෙනවනම් කොන්දේසි 6ක්…

එළඹෙන වෙසක් හා පොසොන් පොහෝ දිනයන් වෙනුවෙන් දන්සල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක 6ක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයින් දන්සල් පැවැත්වීමේ මුවාවෙන් මුදල් රැස්කිරීමේ ජාවාරම්වල යෙදෙන බවටත්, එම මුදල් නිසි ලෙස වැය නොකරන බවටත් වාර්තා වන බැවින් දන්සල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු එම නිර්ණායක ප්‍රකාශයට පත්කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා පැවසීය.

ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා   ග්‍රාම නිලධාරී ගේ දැනුවත් වීම මත දන්සල් පැවැත්වීම, දන්සල්වලට ආධාර එකතුකිරීමේදී එම නිලධාරීන් දෙපලගේ නිර්දේශය ලබා ගැනීම, මහජනතාව පීඩාවට පත් නොවන ලෙස දන්සල පැවැත්වීම හා ඝෝෂාකාරී සංගීතය යොදා නොගැනීම, සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාරපාන පිළියෙළ කිරීම, දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේ දී බෞද්ධ කොඩිය භාවිත නොකොට කහ පැහැති කොඩියක් භාවිත කිරීම, මත්වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයෙන් වැළකී කටයුතු කිරීම සහ සැදැහැ සිතින් හා  ආචාරශීලිව කටයුතු කිරීම එම නිර්ණායකයන් වේ.

මෙම නිර්ණායක සියලු දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු වෙත දැනුම් දී ඇතැයි ද නිමල් කොටවලගෙදර මහතා පැවසීය.

Related posts

තවත් කොවිඩ් මරණ 27ක්

colombotoday

කෙළ ගැහුවොත් ‌කෙළවෙයි. කුරුණෑගල ටවුමේ කෙළ ගැසීම තහනම්. මාස 6ක් හිරේ

colombotoday

සමාජ මාධ්‍ය පාලනයට පනතක් !!

colombotoday

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුව ස්ථීරයි.. අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මමයි – ජෝන් සෙනවිරත්න

colombotoday

ජපන් අගමැති මුල්ගල් තැබූ ගුවන්තොටේ නෙළුම් මල අර්ජුන ගලවයි

colombotoday